| විශේෂ වාර්තා කරුවකු විසිනි
අප කවුරුත් දන්නා පරිදි පොලිසියේ ඔ. අයි. සී. හෙවත් කාර්යභාර නිලධාරී යනු අදාල පොලිස් ස්ථානයේ ලොක්කාය. නමුත් ඔවුන් සෑම දෙනාම දේශපාලන අතකොලුය. මෙම ඔ.අයි.සී. පත් කරනුයේ අදාල ප්‍රදේශයේ පක්ෂ සන්විධයකයාය. ඔහුට කැමති කෙනෙකුව පත් කර අදාල ලිපිය පොලිස් මුලස්ථානයට ලබා දුන්විට ඔහුව එම තනතුරට පත් කර ගනු ලැබේ. මෙම ක්‍රමය ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ පටන් ගෙන කිසි බාධාවකින් තොරව ක්‍රියාත්මක වන අතර බොහෝ දෙනෙකුට මෙය රහසකි. මෙසේ පත්වන පොලිස් ස්ථානයේ ලොක්කන් කිසි විටිකත් මොන වැරදි තිබුනත් අදාල පක්ෂය සංවිධායකට විරුද්දව ක්‍රියා නොකරනුයේ තම රැකියාව බෙර ගැනීමටය. කොලොන්නාව සිධියෙදී එය මානව පැහැදිලි වී. දේශබන්දු කුඩු දුමින්දව ආරක්ෂා කිරීමේ රහස මෙයයි.
තත්වය මෙසේ තිබියදී අප පොලිස් නිලධාරීන් යුක්ති සහගත ලෙස තම රාජකාරී කරනවා කියා කෙසේ බලා පොරොත්තු වෙමුද?. මෙහිදී පොලිසියේ එක උසස් නිලධාරියෙක් අප සමග පැවසුයේ මොනවා කරන්නද, දේශපාලකයින්ට ඕනා විදිහටි සේරම වෙන්නේ, නමුත් දැන් පොලිස්පති තුමානම් කෙසේ නමුත් කෙලින් වැඩ කරනවා කියාය. වර්තමාන පොලිස්පති මහින්දගේ අතකොලුවක්ද, නැත්නම් රාජකාරිය හරියට කරනවද යන්න උසස් පොලිස් නිලධාරීන්ටත් පවා ගැටලුවකි හැබැයි ඔහු හොඳ ක්‍රියා මාර්ග කිහිපයක් ගැනීමට පියවර ගෙන ඇත. පළමුවෙන්ම පොලිස් නිලධාරීන්ට ලැබෙන දීමනා වැඩිකිරීමට කටයුතු කරමින් සිටී. ඔවුන්ගේ මුලික වැටුප වෙනස් නොකර ලැබෙන දීමනා වැඩිකිරීමෙන් සාමාන්‍යය පොලිස් කොස්තාපල් වරයකුට මසකර රුපියල් 40,000/ පමණ ලැබෙන පරිදි සංශෝධන සකස් කර ඇත. ඔහුගේ මුලිකම බලාපොරොත්තුව වී ඇත්තේ මෙසේ පඩි වැඩි වීමෙන් කප්පන් ගැනීම් නතර කිරීමයි. එක අතකින් බලන විට එය විය යුත්තකි. තමනට ජීවත් වීමට සරිලන අදායමක් ලැබෙන කිසිවකුට කප්පන් ගැනීමට අවශ්‍ය වන්නේ නැත.
පොලිස්පති තුමා ගෙන ඇති අනිත් පියවර වනුයේ එම.එස්.ඩී. (ඇමති ආරක්ෂක අංශයේ ) සේවය කරන අවුරුදු 45 ට වැඩ වයසින් වැඩි හා අවුරුදු 10 ක් සේවා කර ඇති පොලිස් නිලධාරීන්ව වෙනත් අංශ වලට මාරු කර අලුත් නිලදාරීන් ඒ සදහා බදවා අනුයුක්ත කිරීමයි. මෙම කටයුත්තේදී සමහර ඇමතිවරු මෙයට විරෝධය පා ඇති නමුත් පොලිස්පති ඔහුගේ ස්ථාවරත්වය වෙනස් කර නැත. මෙම යෝජනා සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්චාවකදී ජී. එල්. පීරිස් මහතා පවසා ඇත්තේ තමා ලග සිටින ආරක්ෂකයා අවුරුදු 37 පමණ සිටින අතර ඔහු ඉතා විශ්වාසවන්ත බැවින් ඔහුව මාරු නොකරන ලෙසය. මෙයට පෙරලා පිළිතුරු දුන් පොලිස්පති ඔහුට පවසා ඇත්තේ ඔබ තුමාට හොඳ විශ්වසකයෙක් ඕනානම් මෙම පුද්ගලයාව ලේකම් කෙනෙක් වශයෙන් පත්කර ගන්න මම ඔබ තුමාට ආරක්ෂකයෙක් දෙන්නම් යනුවෙනි. මෙම අවස්ථාවේ මහින්දත් එතන සිටි අතර ඔහු නිහඩව සිටි බවත් අරලියගහ මන්දිරයේ සේවකයකු අප හා පැවසීය.
පොලිස්පතිතුමා පොලිස් සංශෝධනයකට අත ගසා ඇති අතර මෙයට මහින්දත් යම්තාක් දුරට වක්‍රව හෝ සහය දක්වන බවක් පැහැදිලිය. එය එසේ වෙනවනම් අනාගතයේ අපට යම් තාක් දුරට හෝ සුභවාදී පොලිසියක් බලාපොරොත්තු විය හැක.
Post a Comment