ප්‍රගීත් එක්නැලිගොඩ තවමත් ජීවතුන් අතර සිටින බව රජයේ නීතිපති මොහාන් පිරිස් මහතා ඊයේ ජිනීවා හීදී ප්‍රකාශ කළේය. වදහිංසාව තුරන් කිරීමේ කමිටුව ( CAT ) ඉදිරියේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වූ හෙතම ඒ බව සඳහන් කළ අතර ප්‍රගීත් එක්නැලිගොඩ එකතරා විදේශ රටක සරණාගතයෙකු ලෙස ජීවත් වන බවට පිළිගත හැකි සාක්ෂි තමා සතුවන බව කමිටුවේ සාමාජිකයින් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රකශ කළේය. එසේම වැඩිදුරටත් අදහස් දකවූ නීතිපති වරයා කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් නොකර ප්‍රගීත් එක්නැලිගොඩ වංචාවක් සිදු කරමින් සිටින බවට චෝදනා කළේය.
කැට් කමිටුවේ 47 වැනි සැසිවාරය පසුගියදා පවත් වුනු අතර නොවැම්බර 8-9 දෙදින ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් වී තිබුණි. මේ අතර අදාළ කමිටුවේදී අදහස් දැක වූ මොහාන් පිරිස් මහතාගේ හැසිරීම මිස්ටර් බීන්ගේ හාස්‍ය ජනක රංගනයක් හා සමාන වන බව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.
Post a Comment