අසාමාන්‍ය යුගයන්හිදී සිද්ධාන්ත සහ ක්‍රියාකාරිත්වය
ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණය විසින් ලබාදුන් හේබියස් කෝපුස් රිට් ආඥා නඩු තීන්දු පිළිබඳව ප්‍රථම වරට පිරික්සා බැලීමක් සිදු කර ඇති මෙම කෘතීය එහි කතුවරිය විසින් ලබා දුන්නේ මීට මාසයකට පමණ ඉහතදීය. එය කොටස් වශයෙන් ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ පල කිරීම සඳහා ඉන් පසු අපි අයගෙන් ඉඇල්ල සිටියෙමු. එහි ප්‍රතිඵලය වශයෙන් ශ්‍රී ලංකාවේ නීතිය හා සමාජ භාරය යටතේ ප්‍රසිද්ධ කොට ඇති මෙම කෘතිය එහි අවසරය සහිතව අද ( නොවැම්බර් 10, 2011 ) සිට අපි කොටස් වශයෙන් පල කරන්නෙමු .
| කිශාලි පින්ටෝ-ජයවර්ධන
| ජයන්ත ද අල්මේදා ගුණරත්න
සිංහල පරිවර්තනය - රදිකා ගුණරත්න සහ පරාක්‍රම අගලවත්ත
" යුක්තිය ජීවමාන කරනුයේ මහජනතාවගේ ධෛර්යය විසිනිග නීතියේ ව්‍යූහය විසින් නොවේ."
- අර්ල් වොරන් ( 1891- 1974)
ඇමරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ 14 වැනි අග්‍රවිනිශ්චයකාර
ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණය විසින් ලබාදුන් හේබියස් කෝපුස් රිට් ආඥා නඩු තීන්දු සීමාසහිත ප්‍රමාණයක් පිරික්සා බැලීමක් වශයෙන් මූලික ව පිළිසිඳ ගත් මෙම පරිශ්‍රමය, අප අතට පත් වූ නොතකා හැරිය නොහැකි නඩු තීන්දු සහ ආඥාවන් ගණනාවක් හේතුවෙන් අවසානයේ අත්‍යන්ත වශයෙන් එහි මූලික අරමුණ ද ඉක්මවා ගියේය. එහි අවසාන ඵලය වූයේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළව, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ පවතින අනගිතම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූල ප්‍රතිකර්මයේ ක්‍රියාත්මක භාවය පිළිබඳ අවබෝධාත්මක නිරීක්ෂණයකි. මෙම ප්‍රකාශනය වියතුන් ට, නීති වෘත්තිකයන් ට, අධිකරණ නිලධාරීන් ට, නීති ගුරුවරුන් ට සහ ශිෂ්‍යයන් ට ප්‍රයෝජනවත් වේ යැයි අපි අපේක්ෂා කරන්නෙමු. කෙසේ නමුත් මෙම ඵලය නොසෑහෙන බවද කිව යුතුය. හේබියස් කෝපුස් රිට් ආඥා හා සම්බන්ධ වර්තමාන නීතිය හා එහි පරිචය සඳහා කාර්යපටිපාටික, ස්ථිර පදනමකින් යුත් සහ තුලනාත්මක වෙනස්කම් පවා සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ට අලුත් හුස්මක් ලබා දීම පිණිස හා මේ රටේ ජීවත්වන සියලු ජනතාවගේ හිතසුව පිණිස සපුරාලිය යුතු ඉලක්කයක් විය යුත්තේය.
කතුවරුන් පිළිබඳ සටහන
නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන නීතිය හා සිවිල් වගකීම් ක්ෂේත්‍රයන්හි ප්‍රතිපත්ති සංශෝධනය පිළිබඳ, ශ්‍රී ලංකාවේ නීතිය හා සමාජ භාරය සහ ජිනීවා-බැංකොක් හි පිහිටි නීති විශාරදයන්ගේ අන්තර්ජාතික කොමිසම
සමග නීති උපදේශිකාවක වශයෙන් කටයුතු කරයි. තවද ඇය ද සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි කර්තෘ මණ්ඩල (නීති) උපදේශිකාව සහ නීතිය සහ අයිතිවාසිකම් පිළිබඳ තීරු ලිපි ලේඛිකාව වෙයි. එසේම ඇය නීතිය හා සමාජ භාරය සමාලෝචනයේ සංස්කාරකවරියයි. "යුක්තිය තවමත් සොයමින්තශ්‍රී ලංකාවේ නීතියේ බලයල අපරාධ යුක්තික පද්ධතිය සහ පරීක්ෂණ කොමිෂන් සභා" (නීති විශාරදයන්ගේ අන්තර්ජාතික කොමිසම, ආසියානු පැසිෆික් කාර්යාලය, බැංකොක්, ජනවාරි 2010) සහ "නීතියේ ආධිපත්‍යය" වධ හිංසාව හා වෙනත් ආකාරවල කෘෘරල අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ ද`ඩුවම්වල ව්‍යාප්තියල නිර්ධාරක සහ හේතුකාරක" :වධ හිංසා වින්දිතයන් සඳහා පර්යේෂණ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයල කෝපන්හේගන්ල 2009 මැයි- ඇගේ මෑත කාලීන ප්‍රකාශන අතර වෙයි.
ජනාධිපති නීතීඥ ආචාර්ය ජයන්ත ද අල්මේදා ගුණරත්න ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සහ කොළඹ නීතී පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු මෙන්ම විභාග පරීක්ෂකවරයෙකු වෙයි. නීතිය හා සමාජ භාරයේ නීති උපදේශකවරයෙකු ද වන ඔහු ඇපලේට් ලෝ රෙකෝඩර් නමින් හ`දුන්වන නීතිය හා සමාජ භාරය මගින් ප්‍රකාශනය කරන නීති වාර්තාවේ ප්‍රධාන කර්තෘවරයා ද වෙයි. තවද ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ඔහු බටහිර, දකුණු හා සබරගමු පළාත්වල අතුරුදහන් වූවන් පිළිබඳ 1994 පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ද විය. ඔහු "ස්විස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත ශ්‍රී ලංකාව සඳහා පාඩම් : ප්‍රතිපත්ති පර්යේෂණ සහ විශ්ලේෂණ මධ්‍යස්ථානයල කොළඹ විශ්ව විද්‍යාලයල 1995- ඇතුළුව ශී්‍ර ලංකාවේ රිට් ආඥා පිළිබඳ නීතියේ සංවර්ධනයන් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව 1985 වර්ෂයේ සිට ප්‍රකාශන ගණනාවක් ලියා පළකර ඇත.
විධායක සංක්ෂිප්තය
හේබියස් කෝපුස් රිට් ආඥා පුද්ගල නිදහස සාක්්ෂාත් කරන කොන් ගල් වලින් එකක් ලෙස සහ බලයෙන් කරනු ලැබූ අතුරුදන් වීමක් අධිකරණ සමාලෝචනයට ලක්කිරීමේ අයිතිය සඳහා වන තීරණාත්මක පූර්ව සාධකයක් ලෙස ඉතිරිව පවතියිග එනමුත් ශ්‍රී ලංකාවේ හේබියස් කෝපුස් ප්‍රතිකර්මයේ ක්‍රියාත්මක භාවයට අදාළ විශ්වාසනීය දත්ත මෙන්ම සවිස්තරාත්මක විශ්ලේෂණයන්ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු යග මෙම අධ්‍යයනය මෙකී රික්තකය පිරවීමට උත්සාහ දරනුයේ අත්තනෝමතික රැඳවුම සහ ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් සිදුකළ අතුරුදන්වීම් පිළිබඳ සන්දර්භය තුළ හේබියස් කෝපුස් ප්‍රතිකර්මයේ සඵලතාවය පිරික්සා බැලීමෙනිග මෙහිදී නිදහස ලැබීමට පෙර යුගයේ සිට නූතන යුගය දක්වා මේ සම්බන්ධව ලබාදුන් ආඥා සහ නඩු තීන්දු 880 ක් විශ්ලේෂණය කෙරේ.
හේබියස් කෝපුස් රිට් ප්‍රතිකර්මයේ ඓතිහාසික පසුබිම
ඩබ්ග ඒග ද සිල්වා1 නඩුවේ :1925) දී දැක්වුණු ආකාරයට පූර්ව නීති මීමංසයන් හි මෙය මැදහත් ලෙස දැක්වෙයි. මෙම නඩුවේදී අධිකරණය තීරණය කළේ අත්අඩංගුවට ගැනීම්වල හෝ රැඳවුම්වල නීත්‍යානුකූල භාවය වැනි, හමුදා අධිකාරීන් සිය හමුදා නීති බලතල කි්‍රයාත්මක කරමින් සිදුකළ කි්‍රයාවන් හේබියස් කෝපුස් රිට් ආඥා මගින් සමාලෝචනය කළ නොහැකි බවයි. නමුත් උත්සවකාරී ලෙස සඳහන්වන බ්‍රේස්ගර්ඩ්ල් 2 (1937) නඩුවේදී අධිකරණය ප්‍රභේදාත්මක ලෙස සඳහන් කළේ ආණ්ඩුකාරවරයාගේ බලතල පරම නොවන බවයි. තවද එකී බලතල අධිකරණ සුපරික්ෂාව ට යටත් වූ හදිසි තත්ව යටතේ පමණක් ක්‍රියාවට නැංවිය යුතු බවයි. තෝමස් පෙරේරා 3 (1926) නඩුවේදී මේ සම්බන්ධ තත්වය තවදුරටත් වැඩිදියුණු විය. එහිදී ශ්‍රෙAෂ්ඨාධිකරණය දැරූ මතය වූයේ සිරකරුවෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීම පිණිස වරෙන්තුවක් නිකුත් කිරීම පිළිබඳ අසීසි කොමසාරිස්වරයාගේ ආඥාවක් සලකා බැලීම සඳහා අධිකරණයට තිඛෙනුයේ අඩු බලයක් වුවද, එබ`දු වරෙන්තුවක් බැලූ බැල්මට දෝෂ සහගත බව පෙනී යයි නම් සිරකරු නිදහස් කරන ලෙස ආඥා කිරීමට අධිකරණයට බලය තිඛෙන බවයි.
1948-1977 කාලපරිච්ඡේදයේදී අධිකරණ ප්‍රතිචාරය
මෙම කාලපරිච්ඡේදය තුළ ප්‍රකාශිත නඩු තීන්දු ගණනාවක් මෙම අධ්‍යයනයේදී සාකච්ඡා කෙරේ. තාම්බු එ. බන්ධනාගාර නියාමක4 (1958) නඩුවේදී අධිකරණය දැරූ මතය වූයේ ශ්‍රෙAෂ්ඨාධිකරණ තීන්දුවක් මත පදනම් වූ බන්ධනාගාර ගත කිරීමේ නියෝගයකට එරෙහිව හෝ ස්වකීය අධිකරණ බලය තුළ කි්‍රයාකළ පහළ අධිකරණයක නඩු විභාගයකින් පසුව සිදුකළ බන්ධනාගාර ගත කිරීමකට එරෙහිව රිට් ආඥාවක් ක්‍රියාවට නැංවිය නොහැකි බවයි. මෙම තීරණය පැහැදිලිව සදෝෂී බව පෙනෙන්නට තිඛෙන නීති විරෝධී රැඳවුම් පිළිබඳ විෂය පථයට පමණක් සීමා වනුයේ මෙම විෂය අළලා ඇමරිකානු අධිකරණ මගින් අනුගමනය කරන වඩා ලිබරල් නීති මීමාංසය ප්‍රතික්ෂේප කරමිනි. 1971 න් පසු මෙම ගතානුගතිකත්වය ට තවත් මානයක් එක් විය. ඒ 1947 අංක 25 දරණ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි නීති රෙගුලාසි ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ය. එයින් පසු හයිඩ්‍රාමනි එ. රත්නවේල් 6 (1971) වැනි නඩුවලදී කියැවුණේ බැලූ බැල්මට වලංගු රැඳවුම් නියෝගයක් ලබාදුන් පසුව කරුණු ඔප්පු කිරීමේ භාරය පෙත්සම්කරු වෙත පැවරෙන බවයි. කෙසේ වෙතත් නිත්‍ය ලේකම්ගේ සද්භාවී විශ්වාසය අවශ්‍යයෙන්ම අධිකරණමය නොවූවත් හදිසි නීිති රෙගුලාසිවල අන්තර්ගත පහකිරීමේ අතුරුවිධානය විසින් නීති විරෝධී රැඳවුමකට ප්‍රතිකර්මයක් ප්‍රදානය කිරීමෙන් අධිකරණය නිවාරණය කර නැත.
ගුණසේකර එ. ද ෆොන්සේකා7 (1972) නඩුවේදී අධිකරණය වඩා ලිබරල් දැක්මක් පිහිටුවාලීය. එහිදී අධිකරණය දැරූ මතය වූයේ අත්අඩංගුවට ගන්නා නිලධාරියා චූදිතයා ව එසේ අත්අඩංගුව ට ගැනීමට හේතු වූ වරද පිළිබඳ පෞද්ගලික ව දැනුවත් වී නොසිටියේ නම් එබ`දු අත්අඩංගුවට ගැනීමක් නීතිවිරෝධී ලෙස සැලකිය හැකි බවයි. ගුණසේකර එ. රත්නවේල් 8 (1972) හිදී විශාල අනතුරුදායක බවක්ද නිරීක්ෂණය වනුයේ අයදුම්පත්‍රය සලකා බැලුණේ ආරක්ෂක ලේකම්වරයාට එරෙහි ව වූ නිසාය. මෙම නඩුවේදී වගඋත්තරකරුවන්ගේ දිවුරුම් පෙත්සම අනුව රැඳවුම 18(1) හදිසි නීති රෙගුලාසිය ප්‍රකාරව වූ අතර යටි අභිප්‍රායක් හෝ සමපාර්ශවීය අරමුණක් පිළිබඳ සාක්ෂි නොමැති වූ හෙයින් රැඳවුම් නියෝගය බැලූ බැල්මට වලංගු බව අධිකරණයේ මතය විය. තවදුරටත් අධිකරණය ප්‍රකාශ කළේ අභියෝගයට ලක් කළ 18(1) රෙගුලාසිය මහජන ආරක්ෂක පනත (1947) ට අදාළ විෂය ක්ෂේත්‍රය තුළ පිහිටන බවයි. තවද හයිඩ්‍රාමනි එ. රත්නවේල් 9 හි එකම ධනාත්මක ලක්ෂණය අත්‍යවශ්‍යයෙන් ම ආපස්සට හැරවූ අධිකරණමය සමාලෝචනය ට එය විෂය නොවන බවයි.
ඉහත විශ්ලේෂණය මත පිහිටා හේබියස් කෝපුස් පිළිබඳ පූර්ව නීති මීමංසයන් සාමාන්‍ය වශයෙන් අතිරික්ත ගතානුගතිකත්වයක් සනිටුහන් කළ බවද විධායකය ට අභියෝග කිරීම සඳහා අධිකරණය විසින් ප්‍රත්‍යක්ෂ අකමැත්තක් දැක්වූ බවද අධ්‍යයනය නිගමනය කරයි.
මතු සමබන්ධයි ...
Post a Comment