තමාගේ දියණියගේ විවාහ මංගල්‍යයට ජනාධිපතිවරයාත්, ආරක්‍ෂක ලේකම්වරයාත් පැමිණීම වරදක් වන්නේ කෙසේ දැයි ‘සුදු කොඩි’ නඩුව විභාග කළ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඇයට හිතවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග සුහද කතාබහක යෙදී සිටියදී විමසා තිබේ.
ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තමා බොහෝ කලක සිට සමීපව ඇසුරු කරන බව එහිදී ප‍්‍රකාශ කොට ඇති දීපාලි විජේසුන්දර විනිසුරුවරිය, ජනාධිපතිවරයා තම දියණියගේ මංගල උත්සවයට පැමිණීම සමහර වෙබ් අඩවි විකෘති කොට පළ කර ඇතැයිද චෝදනා කර ඇත.
දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියණියගේ විවාහ මංගලයේදී මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව අප වෙබ් අඩවිය වාර්තා කළේ එම විවාහ මංගල්‍යයට සති කිහිපයකට පෙරය.
එසේම, එම විවාහ මංගල්‍යයේදී දීපාලි විජේසුන්දර මහත්මියගේ දියණියට ජනාධිපතිවරයා දෑවැදි තිළිණයක් වශයෙන් වටිනා මෝටර් රථයක්ද ලබාදුන් බව අප වාර්තා කළෙමු.
ජනාධිපතිවරයා ඔහුගේ හිතවතියන්ටත් දරුවන්ටත් තෑගි බෝග දීම කිසිවෙකුට ගැටලූවක් විය නොහැක. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට එරෙහිව අභූත චෝදනා නඟමින් පවරනු ලැබූ නඩුවක නඩු විභාගය විමසන ප‍්‍රධාන විනිසුරුවරිය එම නඩුව විමසමින්ම ජනාධිපතිවරයා සමග රහස් ගණුදෙනු පැවැත්වීමත්, තෑගි බෝග හුවමාරු කර ගැනීමත් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන සාධකයකි.
- Lanka News Web
- Lanka News Web

Post a Comment