මෙන්න සංවර්ධනයට යන මග -- ආණ්ඩුවේ කතු වැකිය සහ අධිවේගී මාර්ගය

ආණ්ඩුවේ පුවත්පතක ඔබ කටයුතු කරන්නේ නම් ඔබ මුහුණ දිය යුතු යථාර්තයක් වන්නේ හැකි තරම් පාලක ආණ්ඩුව ගැන හොඳ කීමය. ඒ ගැන හොඳ කීම සීමාව ඉක්මවා යන කල්හී එය තමන්ගේ පෞද්ගලික ජීවිතයටද විසරණය වේ. එවිට තමන් නිසැකයෙන්ම ඇත්ත දැකිය නොහැකි පිස්සකු බවට පත් වේ . නමුත් මැරෙනතුරාවට දේශපාලන රැකවරණ හේතුවෙන් තමන්ගේ යැපීම පිළිබඳව ප්‍රශ්න මතු වන්නේ නැත. අද දින දිනමිණ කතුවකියද එය තවදුරටත් කියාදෙන වචන ගැලපීමකි. කී නොකී කතා කියාගෙන ගොස් එය අවසන් කරන්නේ මෙසේය,

"රුපියල් කෝටි 7000ක් මේ මාර්ගය සඳහා වැය වී ඇත. ඊට සහාය දුන්නේ ජපානය හා ආසියානු සංවර්ධන බැංකුවයි. මේ මාර්ගය මගින් කාලය ඉතිරි වේ. ඉන්ධන දහනය අඩුවේ. වාහනවල ක්ෂමතාව අඩු වේ. පරිසර දූෂණය අඩු වේ. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස ඒක පුද්ගල ආදායම වර්ධනය වේ. දළ ජාතික නිෂ්පාදනය ඉහළ යයි.

මහින්ද රාජපක්ෂ යුගයේ කිසිදු ක්‍රියාවලියක් අනාගත සැලැසුමකින් තොරව මතුවන්නේ නැත. දැන් ක්‍රියාත්මක වන ඕනෑ ම ආර්ථික සාධකයක ගැඹුරු අර්ථයක් පවතී. එය අවසන් ලෙස ප්‍රතිචාර දක්වනුයේ සමස්ත ජාතියට ය. නැතහොත් රටට ය. කි. මී. එකසිය ගණනකින් සමන්විත මේ අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවේ සංවර්ධනය ට අලුත් අත්දැකීමක් වනු ඇත.

ආර්ථික සංවර්ධනය ගැන සහ රටේ දල දේශීය නිෂ්පාදන මාර්ග වලින් පමණක් ඉටු වන්නේ කෙසේද යන්න ඔහු අපට කියා දී ඇත.