"දිනුවානම් කනක් ඇහිලා ඉන්න නැහැ."


හර්ෂි සි. පෙරේරා

මේ හම්බන්තොට පරාජය ගැන ඇතැමුන්ගේ කතාය. එත් ඒ බහුතරය නොවේ. බහුතරයට ඕවා ගැන කතා කරනවට වඩා එදිනෙදා වේල සොයා ගැනීමට සටනක් කල යුතුව ඇත.

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් කණ්ඩායම නියෝජිතයින් 20 ක් වන විට අපේ අය 160 කි. ඒ අතර ඔටුනු නොපලන් නාමල් කුමාරයා මෙන්ම අනර්කලීද විය.

මහා බැංකු අදිපති කියන්නේ පරාජය හමුවේ හම්බන්තොට දියුණු කිරීම නතර නොකරන බවයි. හම්බන්තොට දියුණුවට ගැනෙන අංග ලෙස වරාය, ගුවන් තොටුපල ප්‍රදාන වේ. වරාය ගැන කුමන කතාද? මහා ගල, ගැබුර, මොසන් වැසි යන සියල්ල ජනතාව තුල ඇති කර ඇත්තේ ප්‍රේහෙලිකාය.

පරාජයට ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය මුහුණ දෙන නය බර බලපෑවද?

කෙසේනමුත් මේ තීරණාත්මක අවස්ථාවට එනම් ජයග්‍රහණය වෙනුවෙන් බොක්සින් ක්‍රීඩක මංජු වන්නිආරච්චි තහනම් උත්තේජක නිසා රන් පදක්කම ආපසු ගැනීමේ තීරණයට විරුද්දව අබියාචන කරන්න එපායි ඔහුට ආණ්ඩුවෙන් අණ ලැබුනේ නම් එය දැඩිව හෙළා දැකිය යුතුව ඇත.