ඉන්දුනීසියාවේ සංචාරය කරන්න ඔබාමට එන්න එපාලු

l කිෂානි වැලිවිටිගොඩ 

ඉදිරි දින කිහිපය තුළදී ඉන්දුනීසියාවේ සංචාරයේ යෙදීමට සැලසුම් කර ඇති ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමට විරෝධය දක්වමින් සියගණන් ඉන්දුනිසියානු වැසියන් ජකර්තා නුවරදී මහජන රැළියක් පවත්වන බව විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරයි. ජකර්තා නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලදී උද්ඝෝෂණකරුවන් ඇමෙරිකාවට විරෝධතාවය දක්වමින් "ඔබාමා ත්‍රස්තවාදියෙක් " වැනි සටන් වැකි යොදා ගනිමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදී. 


"ඔබාමාව ප්‍රතික්ෂේප කරනු", "අධිරාජ්‍යවාදය ප්‍රතික්ෂේප කරනු" වැනි තර්ජනාත්මක ලෙස බැනර් මෙම උද්ඝෝෂනයේදී ප්‍රදර්ශනය වූ අතර උද්ඝෝෂණකරුවන් අදහස් දක්වමින් කියා සිටියේ ඇමෙරිකානු යුධ උපක්‍රම භාවිතා කරමින් සිදු කළ යුද සටන් වලින් ඇෆ්ගනිස්තානය ඇතුළු අනෙකුත් මුස්ලිම් රට වල දහස් ගණන් පිරිස් මරා දැමීම සම්බන්ධයෙන් ඔබාමා වග කිව යුතු බවයි. එසේම අවබෝධයක් නොමැතිව ඊශ්රාලයට සහෝයාගය දැක්වීමෙන් වලකින ලෙසට ඔවුන් වොශින්ග්ටනයෙන් ඉල්ලා සිටියේය.

මෙවැනි උද්ඝෝෂණ කිහිපයක් ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රධාන නගර කිහිපයකද පැවැත්වුනි.