| විශේෂ වාර්තා කරුවෙකු විසිනි
මැරවින් සිල්වාගේ පවුලේ සමීපතම හිතවතෙකු සමග අපට කතා කිරීමටට අවස්ථාවක් උදාවිය. ඔහුගේ ඉල්ලීම පරිදි නම හෙළි නොකරන අතර ඉතාමත් රසවත් හා මාධ්‍යයෙන් වසන් වූ මර්වින් සිල්වාගේ සැබෑ ගති ගුණ කිහිපයක් අපට දැන ගැනීමට ලැබුණි.
මර්වින් සිල්වා යනු බොරුවට මවාගත් චන්ඩි කමකින් නමක් දිනා සිටින පුද්ගලයකී. ඔහුගේ ඇමතිකම හා ආරක්ෂකයින් ඉදිරියේදී ඔහු හොඳ චණ්ඩියෙකි . ඔහු හැම චන්ඩිකමක්ම කරනුයේ ඔහුගේ යාලු මිත්‍ර ගෝල බාලයින් ඔහුගේ ආරක්ෂාවට සිටින නිසාය. මන්ද ඔවුන් ඉන්නතුරු ඔහුට කිසිවකුත් කරදරයක් නොකරන බව ඔහු හොදාකාරවම දන්නා බැවින් ඔහු මාධ්‍ය ඉදිරියේ නිකම්ම චන්ඩියකු ලෙස ප්‍රසිද්ධ වී ඇත. ඔහු ප්‍රසිද්ධිය පතා චන්ඩිකම් කලත් තනියම ඉන්නාවිට භය ගුල්ලෙකි.
ඔහුට නිරතුරුවම මහින්දගේ ආරක්ෂාව ලැබෙන අතර බොහෝවිට මහින්දගේ අතකොලුවක් බවට ඔහු පත්ව ඇත. මහින්දගේ දේවාල සැදීමේ ගෝල බාලයාද මර්වින්ය .
පසුගිය කාලයේ බොහෝ අන්දොලනයකටපත් මුන්නේශ්වරම් කෝවිලේ සත්ව පුජා නැවැත්වීමේ ව්‍යාපාරය පිටුපස රසවත් මෙන්ම මධ්‍යෙන් වසන්වූ පුවත් රාශියක් ඇත. මර්වින් මෙයට ඇත ගසා ඇත්තේ පෙරදා රාත්‍රියේ මහින්දගෙන් ලැබුණු නියෝගයකට. සත්ව පුජාව නතර කළ පසු අවට ගෙවල් වල උදාවිය පුජාවට ගෙන ආ සතුන් තම ගෙවල් වලට රැගෙන ගොස් හංගගෙන ඇත. මේ බව ආරංචි වුන මර්වින් තම ගෝලයින්ට පවසා ඇත්තේ ගෙවල්වල හංගගෙන සිටින සතුන් නැවත හොයාගෙන එන ලෙසය. නමුත් ගෝලයින් කර ඇත්තේ අවට ගෙවල්වල ඇති කල සතුන් පවා අල්ලාගෙන නැවත කෝවිලට රැගෙන ඒමයි. මෙයින් කලබලයට පත් ප්‍රදේශ වාසීන් තම සතුන් අල්ලාගෙන ඒමට විරෝධය පා කෝවිල වට කර ඇත. කෙසේ නමුත් මෙසේ මෙම කලබලය සිදුවන විට මර්වින්ගේ යාලු ගෝලයින් කුකුලන් 10 දෙනෙකු මස් කිරීමේ බලපොරෝත්තුවෙන් අල්ලා ඩබල් කැබ් එකක පිටුපස දමා එය ආවරණය කරන රෙද්දෙන් වසා කොළඹ ගෙනෙන ලදී. නමුත් සියලුම කුකුල්ලු කොළඹ රැගෙන එනවිට හුස්ම ගන්න බැරිව වහනය තුලම මැරී ඇත. මර්වින් සිල්වාට මේ බව දැන ගන්නට ලැබුනේ කැලණියට ආ පසුවය. ඉතාමත් කෝපයට පත් වූ ඔහු උඹලා මව කනවා, මාධ්‍ය මේ බව දැන ගත්තොත් මම ඉදල ඉවරයි කියමින් තම ගෝලයින්ට අම්මා මතක් කර එලව එලව පහර දී ඇත. මර්වින් සිල්වා සමග සිටින ඕනෑම පුද්ගලයකු නිසැකයෙන්ම මානසික ආතතියට පත් වන බවත් ඔහුගේ ශුද්ධ වූ සිංහල භාෂාවට සෑම කෙනෙකුම මාසයක් යන්නටත් මත්තෙන් පුරුදු වන බවත්, ඔවුන්ද ටික කාලයකින් මර්වින්ගේ තත්වයට පත්වන බවත් ඔහු වැඩිදුරටත් අපට පැවසීය.
තවද කැලණිය පුබුදමු යමුවෙන් මර්වින්ගේ මුලිකත්වයෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර කැලණියේ තිබෙන සෑම වෙළඳ ආයතනයක්ම මස් පතා රුපියල් දහදාහක් (10000) කප්පන් වශයෙන් මර්වින්ට ගෙවිය යුතුය. මෙසේ නොගෙවා පැහර අරින ආයතනවලට විරුධව බොරු පැමිණිල්ලක් දමා හෝ ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි තත්වයට පත්කර එම ආයතන වසා තම ගෝලයින්ට ඒවා පවරනු ලැබේ. මෙසේ කැළණි ප්‍රදේශය තුළ පවත්වාගෙන ගිය එක්තරා සමාජ ශාලාවක් මර්වින්ට මසකට රුපියල් 10000 ගෙවන බැවින් තමනට වරිපනම් ගෙවීමට නොහැකි වූ බව ලිපියකින් ගෝටාභයට දන්වා ඇත. කෙසේ හෝ මෙහි පිටපතක් මර්වින්ට ලැබී ඇති අතර ඔහු එම ගෙස්ට් හවුස් එකට තම පිරිවර සමග පොලිස්සියේ සහය ඇතිව උසවී නියෝගයක් ගෙන ගොස් වරිපනම් නොගෙවීමේ වරදට සහ එය ගණිකා මඩමක් බව පවසා එය වසා දමා ඇත. එදින එහි සිටි ජෝඩු 10 ක් පමණ අල්ලා ඔවුන් ගණිකා වුත්තියේ යෙදූ අය ලෙස අත්අඩංගුවට පත් කර ඇත, නමුත් සෑම දෙනාගේ ඉල්ලීම මත එම ජෝඩු වලින් කට උත්තර රැගෙන නිදහස් කරන ලෙස පොලිසියට දන්වා ඇති අතර ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ වරදට අදාල ගෙස්ට් හවුස් එකේ අයිතිකරුට විරුද්ධව නඩු දමා ඇත. මැරවින් යනු මෙසේ තම අනසකට කීකරු නොවෙන පුද්ගලයින්ගෙන් පළි ගන්නා පුද්ගලයකු බව ඔහුගේම ගජ මිතුරා වැඩි දුරටත් අපට පැවසීය.
ඔහුගැන රසවත් කතා පැවසූ ඔහුගේ මීතුරා අපට වැඩි දුරටත් පැවසුයේ සාධාරණ වැඩක් කර ගැනීමට මර්වින් ලගට පැමිණෙන ජනතාවට ඔහු උදවු කරන බවත් යම් කෙනෙකු ඔහුට වචනයක් දුන් විට එය ඉටු නොකර සිටියොත් ඔහුට කේන්ති යන බවත්ය. මෙයට උදාහරණයක් ලෙස ඔහුගේ මීතුරා රසවත් කතාවක් අප සමග පැවසීය.
ළමයකු පාසලට දමා ගැනීමට මර්වින් හමු වූ දෙමාපිය දෙපල ඉදිරීපිටම මර්වින් අදාල පාසලේ විදුහල්පතිතුමාට කතාකර ඒ බව විමසා ඇත. එවිට විදුහල්පති ළමයා ගැනීමට හැකිබව මර්වින් සිල්වාට දන්වා ඇත. අදාල දෙමාපිය යුවල ළමයා රැගෙන පාසලට ගියවිට විදුවල්පති පවසා ඇත්තේ මේස හා පුටු නැති බවත් පන්තියේ ඉඩ නැති නිසා ළමයව පාසලට ගැනීමට නොහැකි බවයි. ඉන්පසු මෙම දෙමාපියන් නැවතත් මර්වින් හමු වී සියලු දෑ පැවසූ පසු මර්වින් ඔවුන්ට දන්නවා ඇත්තේ මේසයක් හා පුටුවක් රැගෙන සදුදා උදේ තමාව හමු වීමට එන බවයි. ළමයාගේ දෙමවුපියන් ළමයද රැගෙන මර්වින් හමුවීමට ගිය අතර මේසය හා පුටුව පොලිස් ජීප් එකේ දමා ළමයා හා දෙමාපියන් සමග අදාල පාසැල වෙත මර්වින් ගොස් ඇත. කිසිවකු සමග කතා නොකළ මර්වින් අදාල පන්තියට ගොස් මේසය හා පුටුව තබා ලමයව එහි ඉන්දුව ඇත. මර්වින්ට පන්තිභාර ගුරුතුමිය අනේ සර් මේ ළමයාගේ නම රෙජිස්ටර් එකේ නෑනේ යනුවෙන් පවසා ඇති අතර ආ රෙජිස්ටර් එකේ නම නැතිදැයි අසා මර්වින් විසින් රෙජිස්ටර් එකේ තම අත් අකුරෙන්ම නම ලියා ඇත. කිසිවක් කර ගැනීමට නොහැකිව ගුරුතුමිය ගල් ගැසී සිටින විට විදුහල්පති ගෙන්වා ඔබ තුමාට තව මොනවා හරි කොළ පුරවන්න තියෙනවාදැයි අසා ඇත. මෙහිදී කිසිවක් කර ගැනීමට නොහැකි වූ විදුහල්පති නෑ ඇමතිතුමා මම පුරවන්නම් කියා ළමයාගේ පාසලට ඇතුලත් වීමේ ෆෝම් පුරවා ළමයව පාසලට ගෙන ඇත. මෙලෙස ඔහුගේ නරක වැඩ මෙන්ම හොඳ වැඩත් තිබෙන බව ඔහුගේ මීතුරා අපට පැවසීය.
මතට තිත මහින්ද චින්තනය වුනාට මර්වින් යන සෑම ගමනකදීම බෝතල් දෙක තුනක් වාහනයේ දමාගෙන යන බවත් සවස තම ගෝල බල යහළුවන් සමග සෙට් වී මධු විත සප්පායම් වන බවත් ඔහු තව දුරටත් අප සමග පැවසීය.
Post a Comment