හර්ෂි සි. පෙරේරා
මා මෙසේ කියන්නේ තිලිනා වීරසිංහ සහෝදරියගේ හර්දයන්ගම නිසදැස එනම් "ස්තුතියි තාත්තේ, සංසාරය පුරාවට" රස විදීමෙන් පසුවයි. ගැණු ළමුන් ගොඩක් ෆිට් තාත්තල එක්කලු. මා සම්බන්දයෙන් නම් ඇත්ත. කිවිදියට ?
ගැණු ළමයි තාත්තලට යටත් වෙලා ඉන්න ඕනලු. තාමත් මෙවන් බමුණු මත අපේ සමාජයේ තියෙනවා.
ස්තුතියි තාත්තේ, සංසාරය පුරාවට
ලා කහ පැහැති වට්ටක්කා මල් පිපුණු
අලුයම තුෂර පිනි මත
නුඹ මට දායද කළ... සිඟිති ගෙමිදුලෙහි
ඇඟිලි තුඩු මතින් දිව යමි මම
ඔබ උරුම කර ගිය අපමණ දෑ අතරට
සියොතුන්ට ලෙහෙනුන්ට බත් හුළු දන්දෙමින්
අයාලේ යන සතුන්ගේ පිපාසය සංසිඳුවන
පැන් බඳුන් පුරවමින්..
සුදෝ සුදු වතු සුදු මල් දෝත දරා
මා පිටව යන පෙරමග... හොරැහින් බලමින්
දවසැරඹූ නුඹ නැති කඩුල්ල පාළුය
මුළු ගම්මානයම නිසලව වැලපේ තවම
ගම්මානයටම ආදරණීය පියකු වූ බව නුඹ
මගේ හද පතුලට දැනුනේ
නුඹේ මලගම දා ගම්මානයේ දෝරේ ගලා ගිය
ආදරයේ කඳුළැලි අතරිනි.
සැඳෑ අඳුරේ ඇදී යන සුදු වෑන් රියකින් තැති ගැනී
දොරගුලු ලා මා රැකගන්න අපරිමිත වෙර දැරූ
ආදරණීය තාත්තේ
නුඹට අවැසි තරමට
කීකරු නොවූ මේ හිතුවක්කාරිය වෙනුවෙන්
හද පතුලේ වූ ආදරණීය ආඩම්බරය
මහ මෙරක් වූ ලෙන්ගතු කම
අප දෙදෙනා හැර අන් කවුරු දන්නෙද?
නුඹ මා අතැර ගොස් නැත
නුඹ සිටී පැතිරී මගේ දිවිය පුරාවට
මා වෙත ස්නේහයේ නෙතු හයාගෙන
මිනිස්කමෙහි අරුත් පමණක්ම සොයා යාමට
මරණයට එරෙහිව ජීවිතය පුදන්නට
දියණියක බිහිකර ලොවට දන් දුන්නාට
බොහොම ස්තුතියි තාත්තේ
සංසාරය පුරාවට!
කොහොම වුනත් පිය සෙනෙහසේ අගය වඩාත් දැනෙන්නේ එක නැති වුණාම. මේක අන් දේවලටත් පොදු දර්මතාවක්.
තිලිනාගේ නිසදැස අපුරුයි. අව්‍යාජයි. හර්දයන්ගමයි.
Post a Comment