| දවසේ දේශපාලන කොමඩිය
පොලිසියෙන් ලබාගත යුතු සේවාවේ උපරිමය ලබා ගැනීමට නම් පොලිසියත්, මහජනතාවත් අතර මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්, ඉදිරියේදී කිසිවකුට නීතිය අතට ගෙන ක්රියා කිරීමට අයිතියක් නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතිගරු ජනධිපති උතුමාණන් වහන්සේ හිතේ සැකයකින් තොරව මෙන්ම කිසිඳු විවාදයක් නොමැතිව කොන්ද කෙලින් තබාගෙන පවසා ඇත.
උන්වහන්සේ ශ්රී රෝහණ මුඛයෙන් මේ බව සඳහන් කළේ ඊයේ (06 වැනිදා) කාගේදෝ අදහසකට අනුව වෙනත් අයෙකුගේ යෝජනාව මත තවත් අයෙකුගේ ආශීර්වාදය තුළින් තවත් අයෙකුගේ මැදිහත් වීමෙන් සහ තවත් හැට හුට හමාරකගේ දායකත්වයෙන් , අසරණ මේසන් බාස් වරුන් විසින් දහදිය වගුරවා තැනූ නමුත් ඔවුන්ගේ නම් සඳහන් නොකරුණු ලැබූ තංගල්ල මූලස්ථාන පොලිසියේ නාම පුවරුවර ඔහුගේ සුරතින් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි
ලංකා රජයේ බුදු ගෙවන්නන්ගේ මුදලින් රුපියල් මිලියන 240 ක වියදමින් සියලු පහසුකම් සහිතව ඉදිකරන ලද ගොඩනැඟිල්ල මහල් හතරකින් සමන්විත වේ. වඩා හොඳ පහසුකම් සලසා දීමෙන් සේවකයා තුළ ගොඩනැගෙන පීඩනය අවම වන බවත්, ඒ මගින් ගුණාත්මක සේවාවක් ලබාගත හැකි බවත් උන්වහන්සේ තොමෝ තම මුඛයෙන් වදාරනු බුවේ ඉදිකරනු ලැබූ ගොඩ නැගිල්ලේ වටයක් ගැසීමෙන් පසුය.
ඉන් පසු පැමිණ සිටි සියලු දෙනාගේම මුඛය පුදුමයට පත් වී විවුර්ත වන සේ වඩාත් ශක්තිමත්ව කතා කර අප රාජෝත්තමයෝ නීතිය ක්රියාත්මක කිරීම පොලිසිය සතු වගකීමක් බවත්, පොලිසිය හා විවිධ ගැටුම් ඇති කරගෙන නීතිය අතට ගැනීමට වර්තමානයේ සමහරු උත්සාහ දරන බවත් අවධාරණයෙන් කිව්වේ වටයක් හොරෙන් තමන් රෙදි ඇඳගෙන මේවා කතාකරෙන්නේ දැයි සෝදිසි කරමිනි.
මෙම අවස්ථාවට නීතිය අකුරටම ඉටු කරන සාටක පැළඳ ගත් රාජෝත්තමයාගේ හිතවතුන් පිරිසක්ද ටයි පටි හැඳගත් ලොක්කන් පිරිසක්ද සහභාගී වූ බව නිතී ක්රියාත්මක වීම ගැන ඉතා මනා අවබෝධයක් ඇති කුරහන් පැහැති අඹුඩයක් හැඳගෙන ඊට සහභාගී වූ මැදමුලන වලව්වට සෙන්ටිමීටරයක් එහායින් ඉන්න විරාජපක්ෂ අප වෙත වාර්තා කළේය.
Post a Comment