වීරවංශගේ ශෂී හමුවීම ගැන මෙසේ කියයි

පහත පල වන්නේ ශෂී වීරවංශ විසින් සතිඅන්ත පුවතපතකට තම ස්වාමියා වන විමල් වීරවංශ හමුවීම ගැන සඳහන් කල ප්‍රකාශයයි. ඇයට විමල්ගේ ආදරේ ලැබුන නිසා පෙම්වතුන් වී ඇත. කලාවේ ඉහලටම ගොස් ලංකාවට ඔස්කාර් සම්මානයක් ලබා ගැනීමට හැකිවේවායි ශශීට අපේ සුභ පැතුම්,

ශශී ඒ විස්තර සමග ඔබගේ සැමියා වන විමල් වීරවංශ හමු වූ අතීතය ගැන දැනගැනීමටත් බොහෝදෙනා කැමති වෙයි. මොහොතකට අපි ඒ අතීතය සිහිපත් කරමුද?

ඔව්. ඒ ගැන සඳහන් කිරීම හොඳයි. මොකද සමහරු අනවශ්‍ය විදියට එක - එක දේ ප‍්‍රචාරය කරන නිසා. මම ජ.වි.පෙ හිටපු ප‍්‍රබලයෙකු වූ අජිත් කුමාරගේ නැගණිය බව බොහෝදෙනා දන්න දෙයක්. එවකට විමල් අපේ ගෙදර ආවේ පක්‍ෂයේ වැඩකටයුතු නිසයි. මේ අවදියේ මට ගෙදරින් යෝජනාවක් ගෙනල්ලයි තිබුණේ. ඒත් ඒකට මගේ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ නිසා තද බල ලෙස එම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළා. මේ අතරේ විමල් මා ගැන බලාපොරොත්තු තබාගෙන සිටින වග මට දැනෙන්න පටන්ගත්තා. ගෙදරින් ගෙනා යෝජනාව ප‍්‍රතික්‍ෂේප කිරීමත් සමග මට විමල්ගෙ ආදරය දැනුණ නිසා අපි දෙදෙනා පෙම්වතුන් වෙන්න ඇති. පසුව එය කෙළවර වුණේ විවාහයෙන්. අදවන විට අප දෙදෙනා පුතෙක් සහ දියණියක් සිටින මාපිය යුවළක්.

සේයාරුව සහ සටහන ඉරිදා ලංකාදීප පුවත්පතින් උපුටා ගන්න ලදී


Tell a Friend