ඊළමේ සිහින දකින ජාත්‍යන්තරය යුද්ධ කොරනවා - මෙත් නොවඩන මෛත්‍රී

| දවසේ දේශපාලන කොමඩිය

රටට සාමය ගෙනඒම සඳහා එදා අපිට සටන් කරන්නට සිදුවුණේ මිනීමරු ප්‍රභාකරන් සමගයි. එයින් ජයගත් අපට අද සිදුවෙලා තිබෙන්නේ ඊළම ගැන සිහින දකින ජාත්‍යන්තර වශයෙන් අපට එරෙහිව බලපෑම් කරන තවත් පිරිසක්‌ සමඟ සටන් කරන්නයි. එදා ප්‍රභාකරන්ට එරෙහිව අවි ආයුධවලින් සටන් කළත් අද සටන් කළ යුතුව තිබෙන්නේ ආයුධවලින් නොව බුද්ධියෙනුයි. ඒ බුද්ධිය අපේ නායක මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාට තිබෙනවා යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් නොහොත් රටේ සෞඛ්‍යක් නැති නමුත් ඇමැතිකමට සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා සෙංකඩගල දී සඳහන් කරනු ලැබුවේ දළදා වහන්සේ දෙස යටි සිතින් බලා මේ මොකක් කිව්වත් වැඩක් නෑ ගොයියෝ මහා එකා මට ගේම දීලා උගේ ලොකු එකා නායකයා කොරන්නයි යන්නේ යයි මහත් දොම නස්සයෙන් සිතට කියා ගනිමිනි.

භාරත ලකෂ්මන් මෙන් තවත් කකදී මැරී වැටෙන්නේද බැරි කමක් නැති බිය වී ඇති එතුමෝ, යටිනුවර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රධාන සංවිධායක වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහතාගේ "පෞද්ගලික ධනයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා ගොඩනැගිල්ල යටිනුවර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රධාන කාර්යාලය වශයෙන් විවෘත කලාට පසු එසේ කිව්වේය.

එදා මේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් විසින් ආරම්භ කර මේ රටේ ජනතාවට විශේෂයෙන් දුප්පත් ජනතාවට ඔහු පාලන කල වසර තුනක කාලය තුළ විශාල සේවාවක්‌ එනම් දුප්පතුන්ට ඉංග්‍රීසී ඉගෙනීමට ඇති ඉඩ නැති කොට ජාතිවාදය දුෂ්ටවාදය ලෙස පැතිරීමට සරිලන සේ පොලව සකස් කොට රෙද්ද උඩ දාගෙන තමන්ගේ අරමුණු ඉටු වන තෙක් බලා සිටී ආකාරය නොකියා මෛත්‍රී බණ්ඩාරනායකගේ ගුණ ගතනයම සිදු කරද්දී අල්ලපු වැටේ සිට මෛත්‍රීට ඇහුන්කන් දුන් සියල්ල හොඳින් දන්නා උපාසක මහතෙක් තම සිංගල චුයින්ගමය හපා තූ යයි කෙල පිඩක් හෙලූහ.

අනේ ඉතින් තම පැවැත්ම උදෙසා නැතහොත් තාමාද පැන්ෂන් ඇමති ලැයිස්තුවට වැටෙන හෙයින් මෛත්‍රී , ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ පාලන කාලය ගත්විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ශක්‌තිමත්ම හා ස්‌වර්ණමය කාල පරිච්ඡේදය මහින්ද රාජපක්‌ෂ මැතිතුමාගේ පාලන කාලය වශයෙන් නම් කළේය. පොහ්....

රැස්ව සිටි සියලු දෙනාම හෝන්දු මාන්දු කොරවමින් තම නායකයා ගැන දිගටම කියාගෙනම ගිය මෛත්‍රී, මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාට මේ රටේ පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන්ද එන අභියෝග ජයගන්නට ශක්‌තිය හා ධෛර්ය තිබෙනවා, " යැයි කිව්වේ, ලොක්කා....මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න යැයි තාමටම කියා ගනිමිනි.

අර්ල් ගුණසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා වශයෙන් කල පත් කිරීම ගැන නොකියා පැවැත්ම සඳහා බොරු කියූ මෛත්‍රී , ඔහු පත්කර ඇත්තේ පක්‌ෂයේ නායකයා මෙන්ම සභාපතිවරයා වශයෙන් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමයි. ඒ නිසා එම පත්වීමට කාටවත් අභියෝග කරන්න බැහැ," යැයි කතාව අවසන් කළේ ලොක්කා අපටත් කෙලින්නේ මේ හැන්දෙන්ම තමයි යැයි තම මටසිලිටු අතින් තමාට ටොක්කක් ඇන ගනිමිනි.


Tell a Friend