චීනයේ ගල් අඟුරු ආකරයක පිපිරීමක්

| කිෂානි වැලිවිටිගොඩ

මධ්‍ය චීනයේ හෙනන් පළාතේ ගල් අඟුරු ආකාරයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් පතල්කරුවන් 4 දෙනෙක් මරණයට පත් වී ඇති අතර තවත් 57 දෙනෙක් ආකරය තුල සිර වී ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. සැන්මෙන්ශීය ප්‍රදේශයේ පිහිට ඇති කියාන්කි නමින් හඳුන් වන ගල් ආකරය තුල ඊයේ පස්වරුවේ මෙම සිදුවීම සිදු වී ඇති බවට හෙනන් පාලක මණ්ඩලය සඳහන් කරයි.

මෙම අනතුර සිදු වන අවස්ථාවේදී පතල් ළිඳ තුල පතල්කරුවන් 75 දෙනෙකු වැඩ කරමින් සිටි අතර එයින් 14 දෙනෙකු අනතුරෙන් දිවි ගලවාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. පතල තුල සිර වී ඇති පතල්කරුවන් බේරා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

කියාන්කි පතල මගින් වාර්ෂිකව නිෂ්පාදනය වන නිෂ්පාදන ධාරිතාව මිලියන ටොන් 2.1 ක් බව වාර්තා වේ.

සංඛ්‍යා ලේඛන වලට අනුකුලව ගල් අඟුරු ආකාර තුල සිදු වූ අනතුරුරු වලින් 2010 වර්ෂයේ චීනයේ මිය ගිය සංඛ්‍යාව 2,433 පමණ වේ.

පතල් තුල සිදු වන අනතුරු ප්‍රමාණය අවම කර ගැනීම සඳහා චීන රජය විසින් මෙම වසරේදී පතල් සියයකට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇත.

Tell a Friend