හර්ෂි සි. පෙරේරා
ඔබේ පියා වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙකි. ජනප්‍රිය පුද්ගලයෙකි. දුමින්ද වත්මන් ආණ්ඩුවේ එයට වඩාත් සමීප ප්‍රබලයෙකි. ස්ත්‍රී දුෂණයට හෝ කුඩු සදහා හෝ වේවා ජනප්‍රිය පුද්ගලයෙකි.
දුමින්ද වූකලී ඔබේ පියා සහ තවත් කිහිප දෙනෙකු මරා දැමීම පිළබද ප්‍රදාන සැකකරුවෙකි. ඔබ කියන්නේ දුමින්දව සිංගප්පුරු යැවීම නයිතික ක්‍රියාදාමය නොසලකා හැරීමක් බවයි.
මේ නයිතික ක්‍රියාදාමය නොසලකා හැරීම ආරම්බ වන්නේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව බිහිවුදා පටන්ය. ඒ නිසා මෙම නයිතික ක්‍රියාදාමය නොසලකා හැරීම අද ඊයේ සිදුවූවක් නොවේ. නමුත් වර්තමානයේ එය ඕනෑම ක්‍රියාවක් නයිතික ක්‍රියාදාමය නොසලකා හරිමින් සිදුවිය හැකි තත්වය දක්වා දරුණු වී ඇත.
මේ තත්වය තුල තම ආදරනියන් අහිමි වූ සිය ගණනකි. ඔවුන් අතරින් බහුතරය හඩක් නැගිය නොහැකි සමාජයේ කොන්වූ කොටස් වේ. අද ඔබද එහි වින්දිතයෙකි. නමුත් ඔබේ පියා ද අයත් දේශපාලඥයින් නමැති වර්ගයේ බහුතරය මේ බිද වැටුණු මහජන යුක්ති ක්‍රියාදාමය ගොඩ නැංවීමට අබමල් රේණුවක දෙයක් කලේ නැත. ඒ වෙනුවට ඔවුන් එය පාවිච්චි කළහ. ඒ තම බලය, දනය සහ පවුලේ අබිවුර්දිය තකාය. වත්මන් රාජපක්ෂ ජනාදිපතිවරයා මේ පාවිච්චිය මහා පරිමාණයෙන් කරගෙන යයි.
බිදවැටුණු මහජන යුක්ති ක්‍රියාදාමයෙන් දුප්පතුන් පිඩාවට පත් වන අතර එයින් තම පැවැත්ම සලසාගන්නේ දේශපාලඥයින් පමණක් නොවේ. එහි ප්‍රතිලාබ බුක්ති විදින්නන් අතර වුර්තිකයින්, බුද්දිමතුන් සහ උගතුන්ද වේ.
ඔබේ පියාගේ ගාතනයට සම්බන්ද ප්‍රදාන සැකකරුව පවත්නා නයිතික ක්‍රියාදාමය විහිළුවක් කරමින් රට පැටවූ රාජපක්ෂ ආණ්ඩුව ගැන මහා ජනතාව දැනුවත් කිරීම සදහා මෙය හොද අවස්ථාවකි. එමෙන්ම මේ අවස්ථාවේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව තිබෙනතාක් අදත් හෙටත් අන් සැමදාමත් පිඩාවට පත්වන දුප්පත් සමාජයේ කොන්වූ ජනතාවද අමතක නොකළ යුතුය. ඔවුන් වෙනුවෙන්ද හඩක් අවශ්‍යයි.
Post a Comment