නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් ගේ ගොන් පාට් නිසා කරන්දෙණිය අළුවේ

| අමිල ගුණරත්න

කරන්දෙණිය රජයේ රෝහලේ වෛද්‍ය ප‍්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ පොලිසියයි. නමුත් අහක සිට ලකුණු දමාගැනීමට පැමිණි දේශපාලකයෙකුගේ මෝඩ හැසිරීම නිසා කාටහෝ වැඩක් දීමට බල සිටින පුරවැසියන් ෆෝම් වී සැකකරුවන්ගේ දේපල ගිනි තැබුහ. කවර ආකාරයෙන් බැලුවත් දේපල විනාශ කිරීම අනුමත කල නොහැකි ක්‍රියාවකි. හරක් ඇමතිගේ ගොන්පාට් ගැන දිවයින පුවත්පත වාර්තා කරන්නේ මෙසේය.

නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා ඊයේ (01 දා) පෙරවරු 9.00 ට පමණ කරන්දෙණිය නගරයට පැමිණ වෛද්‍යවරයා ඝාතනය කිරීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රසාදය පළකරමින් නගරවාසීන් සමඟ කතාබහ කර ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒම පිළිබඳව ප්‍රසාදය පළකළ නගරවාසීහු රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වූහ.ඇමැතිවරයා කරන්දෙණිය නගරයෙන් පිටව ගිය පසු එහි පැමිණ ඇති අතිවිශාල ජනතාවක්‌ වෛද්‍යවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට අයත් කරන්දෙණිය බොරකන්ද රෝහල අසල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත ගොස්‌ ඇත.ඒ වන විට වෛද්‍ය මධ්‍යස්‌ථානය දින කීපයක්‌ තිස්‌සේ වසා තිබිණි. එහි පැමිණි ප්‍රදේශවාසීන් වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කර ඊට ගිනි තැබූහ.ප්‍රධාන සැකකරුට අයත් තුන්මහල් සුවිසල් නිවස පිහිටා තිබී ඇත්තේ වෛද්‍ය මධ්‍යස්‌ථානයේ සිට මීටර් 100 ක්‌ පමණ දුරින්ය. කලහකාරී පිරිස්‌ ප්‍රධාන සැකකරුගේ නිවස වෙත ගොස්‌ ඊට දැඩි ප්‍රහාරයක්‌ එල්ල කළහ. සිද්ධිය වන අවස්‌ථාවේ එම නිවසේ කිසිවකු හෝ සිට නැත.නිවස තුළට කඩාවැදුණු කලහකාරී පිරිස්‌ ඊට පෙට්‍රල් ඉසිමින් ගිනි තැබූහ. නිවසේ ඇති වූ ගිනි ගැනීමත් සමඟම එහි තිබූ ගෑස්‌ ටැංකි කීපයක්‌ ද පුපුරා ගොස්‌ සුවිසල් නිවස එකම ගිනිජාලාවක්‌ බවට පත්විය.මෙම සුවිසල් නිවස මීට වසර කීපයකට උඩදී ඉදිකළ එකක්‌ බවත් එහි වටිනාකම රුපියක්‌ කෝටි ගණනක්‌ බවත් ආරංචි මාර්ග පැවැසීය. නිවසේ කාමර සියල්ලටම වායු සමීකරණ යන්ත්‍ර සවිකර තිබූ අතර එහි තිබූ වටිනා භාණ්‌ඩ සියල්ල ද ගින්නෙන් පිළිස්‌සී ඇත.
මේ වන විට කරන්දෙණිය නගරයේ ඇති වී තිබූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දැඩි උත්සාහයක නිරත වුවද අතිවිශාල ජනකායක්‌ කලහකාරී ලෙස හැසිරීම නිසා එය ව්‍යර්ථ විය.
පසුව කලහකාරී පිරිස්‌ ප්‍රධාන සැකකරුට අයත් වෛද්‍ය මධ්‍යස්‌ථානයේ සේවය කරන හෙදියකගේ නිවසට ද ගල්මුල් ප්‍රහාර එල්ල කර ඊට ගිනි තැබූහ. හෙදියට අයත් වෙළෙඳසලකට ද පහර දුන් කලහකාරී පිරිස්‌ එය ද ගිනි තබා විනාශ කර තිබේ.මෙහිදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස්‌ එල්ල කළ ගල්මුල් ප්‍රහාරවලින් නගරවාසීන් සිව්දෙනකු ද බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් රෝහල්ගත කරනු ලැබිණි.කරන්දෙණිය නගරයේ මෙම ප්‍රහාරය එල්ල වෙද්දී තවත් කලහකාරීන් පිරිසක්‌ කිරිබේද්ද ප්‍රදේශයේ පිහිටි සැකකාර කපිතාන්වරයාට අයත් විශාල නිවසට ගිනි තබා විනාශ කළහ. පසුව එම පිරිස කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ පිහිටි කපිතාන්වරයාගේ පියාට අයත් වෙළෙඳසලට ද පහර දී ගිනි තැබූහ. පසුව සැකකරුගේ පියාට අයත් නිවසකට ද පහර දී ගිනි තබා විනාශ කිරීමට කලහකාරීන් කටයුතු කර ඇත."

මෙම විනාශයෙන් පසු නීතිය අතට ගත් වීරයන් මාරු වී තිබේ ඒ ගැනත් දිවයින පුවත්පත මෙසේ කියයි.
කරන්දෙණිය රෝහලේ වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක්‌ වටිනා දේපළවලට පහරදී ගිනි තබා විනාශ කර ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දැවැන්ත මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත. මෙම විනාශය සිදු කිරීමට නායකත්වය දුන් ප්‍රධාන සැකකරුවන් 20 දෙනකු මේ වනවිට හඳුනා ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයේ අතහැර පලා ගොස්‌ ඇති බව වාර්තා වෙයි.

මෙවැනි සිද්ධීන් වූ විට රස්තියාදුකාර ලුම්පන් පුරවැසියන් නීතීය අතට ගෙන ක්‍රියා කිරීම යනු ලංකාව සෝමාලියාව, හයිටි වැනි මොබ් පාලනයක් කරා ගෙනයාමකි.

Tell a Friend