ඉල් මහ විරු සමරුව කඩාකප්පල් කිරීමේ වෑයම අසාර්ථකයි.

l වරුණ රාජපක්ෂ

 ලබන 13 වැනිදා පැවැත්වෙන ඉල්මහ විරු සමරුව වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙන් කරන ලද අතර ඊයේ හදිසියේම එය අවලංගු කළ බව දැනුම් දෙනු ලැබීය. ඉල්මහ විරු සමරුව කඩාකප්පල් කිරීමට කවරකුට හෝ වුවමනාවක් තිබුණේදැයි අපි නොදනිමු. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහෝදරයාත්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් නෆ්ලි සහෝදරයාත් එහි පාලනාධිකාරිය හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ගැටළුව නිරාකරණය කර ගැනීමට හැකි විය.

ඒ අනුව ලබන 13 වැනිදා ඉල් මහ විරු සමරුව සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ලබා දීමට එහි පාලනාධිකාරිය එකඟ විය.මෙවැනි කටයුතුවලදී බාධා කරන්නන් හා කඩාකප්පල්කාරීන් සිටින බව අපි දනිමු. එහෙත් කවුරු බාධා කිරීමට, කඩාකප්පල් කිරීමට උත්සාහ කළත් ඉන් අධෛර්යයට පත් නොවී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දිවි පිදූ සදාදරණීය විරුවන් සැමරීම අපගේ යුතුකමක් හා වගකීමක් ලෙස අපි සලකමු.


Tell a Friend