ආණ්ඩුවේ අනුග්රහය මත රුසියානු ගණිකාවන් 1000ක් ලංකාවේ, තව 3000ක් එළඹෙන ජනවාරියේ සිට
මිහින් ලංකා යාන වලින් මෙරටට රැගෙන එන ඔවුන් සෑම දෙනාගෙන්ම රු. 25,000ක් ආණ්ඩුවට
| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි
පසුගිය මස කිහිපය පුරා ලංකාවේ නළු නිලියන් සම්බන්ධ හා වෙනක් ලාංකිකයින් විසින් පවත්වාගෙන ගණිකා මඩම් විශාල ප්රමාණයක් පොලිස් නිලධාරීන් විසින් වටලන ලදී. මේ සම්බන්ධයෙන් විවිධ කටකතා පැතුරුණු නමුත් ඇත්ත කුමක්ද කියා එළිදරව් වුයේ නැත. අපට මෙහි යටිගියව දැන ගැනීමට හැකි වුයේ රුසියන් ජාතික කාන්තාවක් සමග කොල්ලුපිටියේ ලිබටී ප්ලාසා එක ලගදී විනාඩි කිහිපයක් කතා කිරීමේදීය. ඇය ඇතුළු 1000 දෙන ලංකාවට ගෙනත් ඇත්තේ මස තුනක කොන්තරාත්තුවක් මතය. ඔවුන්ගේ සේවා කාලය ජනවාරී මාසයෙන් ඉවර වෙන අතර ඊ ලග කණ්ඩායම 3000 ක් ජනවාරී මස ලංකාවට පැමිණීමට නියමිතය. මොවුන් සදහා ස්ථීර නවාතැනක් නොමැති අතර ආණ්ඩුවේ ඉහල පෙලේ ඇමතිවාරු කණ්ඩායමක් මේ ජාවාරම කරණු ලබන බව ඇය පැවසීය. නමුත් ඔවුන්ගේ නම් එලි කිරීමට ඇය අකමැති විය. ඔවුන් සියලු දෙනාම මිහින් එයාර් මගින් ලංකාවට ගෙන ඇති අතර ඔවුන් ලංකාවට පැමිණි විගසම සම්මන්ත්රණයක් ඉහල පෙලේ හෝටලයක පවත්වා ලංකාව ගැන සම්පුර්ණ විස්තරයක් සමග කොළඹ නගරයේ සිතියමක් ඔවුනට ලබා දී ඇත. මොවුන් සදහා ජංගම වෛදධ සේවාවක් රජය මගින් අරභා ඇත. ඔවුන්ගේ අදහස්වලට අනුව ලංකාවේ ඉහල පැලැන්තියේ පුද්ගලයින් ඔවුන්ගේ සේවාව ලබා ගන්න බවත්, මෙය හොඳ අදායම් මාර්ගයක් බවත් ඇය සඳහන් කළාය. මේ නිසා කොල්ලුපිටිය හා අවට හෝටල්වලට හොඳ අදායමක් ලැබෙන බව ඇය වැඩිදුරටත් පැවසීය. තවද ඔවුන් විසින් සෑම මසකම රූ. 25000/ මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතු අතර අදාල මන්ත්රී කණ්ඩායමට 5% ප්රතිශතයක් ලබා දෙන බවත් පැවසීය. මොවුන් විශාල වශයෙන් බම්බලපිටිය හා කොල්ලුපිටිය යන ප්රදේශ වල සේවයේ යොදවා ඇත.
මේ අතර කොළඹ නගරසීමාව තුළ හමුදා නිලධාරීන් ඉතාමත් දරුණු ලෙස මෙරට ලිංගික වුර්තියේ යෙදෙන කාන්තාවන් අතවරයන්ට පත්කරන බව වාර්තා වේ. පොලිසියේනිලධාරීන් මෙන් නොව මොවුන් ඉතාමත් දරුණු ලෙස තමන්ව අපයෝජනය කරන බවත්, මේ තත්වය හරියට කබලෙන් ලිපට වැටුනා වගෙයි එක් කාන්තාවක් අප සමග පැවසීය. ගණිකා සේවාව පිළිගත නොහැකි වුනත් ලංකාවේ ගණිකාවන්ට එක නීතියකුත්, විදේශීය ගණිකාවන්ට තව නීතියකුත් තිබෙන බව මානව පැහැදිලිය.
Post a Comment