URGENT;- මේවන විටත් මගේ මල්ලිට බුලත්සිංහල පොලිසිය අමානුෂික ලෙස පහර දෙනවා.

අර්සන් රජිනිකන්ත් වයස අවුරුදු 22 ක් වන මගේ මල්ලිය. 2011.11.01 දින උදේ 10.30 ට ඔහුට බුලත්සිංහල පොලිසියට එන්න කිවේ කටඋත්තරයක් ගන්න. මේවනවිට බුලත්සිංහල පොලිසිය ඔහුට අමානුෂික ලෙස පහරදෙමින් වදහිංසා පමුණුවනවා.

මල්ලිව මිට පෙරත් අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවමින් මිනීමැරුමක් ගැන ප්‍රශ්න කරා.

මා ඉල්ලා සිටින්නේ ඔහුට බුලත්සිංහල පොලිසිය සිදු කරන වදහිංසා පැමිණවීම වහාම නතර කරන ලෙසත්, ඔහුව අදිකරණයට ඉදිරිපත් කරන ලෙස සහ ඔහුට අවශ්‍ය වයිද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්ය.

මගේ නම අර්සන් ශ්රිකන්ත් වයස අවුරුදු 24 යි. විවාහක රැකියාව රියදුරු. පදිංචිය මිරිස් හේනවත්ත, බුලත්සිංහල වේ.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend