උපාධි පිරිනැමීම සඳහා මෙරට පෞද්ගලික ආයතන 09කට අවසර දී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
අදාල ආයතනවල ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදුන් බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි. ඒ අනුව කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ කොන්දේසිවලට අනුකූලව මෙම අවසරය ලබා දුන් බවද එම කොමිෂන් සභාව පවසා සිටී
මේ වනවිට දෙස් විදෙස් පෞද්ගලික අධ්‍යාපන ආයතන රැසක් උපාධි පිරිනැමීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කර ඇති නමුදු විශේෂ කමිටුවක් මඟින් පරීක්ෂා කොට නිසි ප්‍රමිතියක් සහිත ආයතනවලට පමණක් උපාධි පිරිනැමීම සඳහා අවසර ලබාදෙන බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටී.
Post a Comment