අමිල ගුණරත්න
(වාර්තාව දිවයින පුවත්පත ඇසුරෙනි)
තෙල් සම්පත හීන වන යුගයක ගෑස් නිධියක් හමුවීම විශාල ජයක් ( කොන්ඩේ බැඳපු ජනතාවගේ දැනගැනීමටයි)
තෙල් සම්පත හීන වන යුගයක, ගෑස් නිධියක් හමුවීම විශාල ජයක්, ඛනිජ තෙල් ඇමැති කියයි, ප්‍රභාත් විතාන, මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව පසුගියදා සොයා ගන්නා ලද ස්වාභාවිත ගෑස් නිධියෙන් ගෑස් නිෂ්පාදනය කිරීමෙන් පසු දැනට ඩීසල් මගින් විදුලිය නිෂ්පාදනය කරන කෙරවළපිටිය හා කැලණිතිස්ස ඇතුළු බලාගාර තුනක මෙගාවොට් 630 ක විදුලිය ස්වාභාවික වායු දහන මගින් නිපදවීමට හැකියාව ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජන්ත මහතා පැවසීය. ඒ අනුව ඉදිරියේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊට අදාළ පියවර ගනු ඇති බවත් ඇමැති ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය., මන්නාරම් ද්‍රෝණියෙන් සොයා ගන්නා ලද ස්වාභාවික ගෑස් මුහුදු පතුලෙන් ගොඩට ගෙන ප්‍රයෝජනයට ගතහොත් ශ්‍රී ලංකාවට ඉදිරියේදී අඩු පිරිවැයකින් බොහෝ බලශක්ති අවශ්‍යතා සපුරාගත හැකි බවත් මේ පිළිබඳව කැණීම් කළ කෙයාන්ස් සමාගම මුහුදු මීටර් 1354 ක් ගැඹුරින් තිබී මෙම ගෑස් නිධිය සොයා ගත් බවත් ඇමැතිවරයා කියා සිටියේය. තෙල් සම්පත ඉතා ශීඝ්‍රයෙන් හීන වෙමින් යන මෙවැනි අවධියක මෙම ගෑස් නිධිය සොයා ගැනීමට ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් කී ඒ මහතා ස්වාභාවික ගෑස් කෙරෙහි මේ වන විට ලෝකය වැඩි වැඩියෙන් අවධායන යොමු කර තිබෙන අවස්ථාවක මෙම නිධිය හමුවීම විශේෂ සිද්ධියක් බවත් කියා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
Post a Comment