හර්ෂි සි. පෙරේරා
ශ්‍රී ලංකාව නමැති අනාගත ආස්චර්යයේ ජනාදිපතිගේ විශේෂ මානව හිමිකම් උපදේශකයා ඇමති මහින්ද සමරසිංහයි. ඔහු අනාගත අශ්චර්යයේ මානව හිමිකම් ආරක්ෂාව සහ ප්‍රවර්දනය ගැන ක්‍රියාකාරී සැලැස්මක් එක්සත් ජාතීන්ට යැවීමට සුදානම් වෙයි.
හිටපු නීතිපති මොහාන් පිරිස් සිහිපත් වන සෑම විටකම මිනීමරුවන් ස්ත්‍රී දුෂකයින් දඩුවම් නොලබා සුර සැප විදින ආකාරය අමතක කර දැමීම ලෙහෙසියෙන් කල නොහැක. මේ හිටපු නීතිපති මෙරට පාසල් අද්යාපනයට මානව හිමිකම් නමින් විෂයක් අලුතින් හදුන්වා දීමට යයි.
හැබැයි මේ අනාගත අශ්චර්යයේ හිගන්නේකුටවත් නිදහසේ සිටීමේ හැකියාව නැත. දිගින් දිගටම කොලබ නගරයේ යාචකයින් සැලසුම් සහගතව මරා දමනු ලැබේ.
අනාගත අශ්චර්යයේ කොලබ පදික වෙළදුන්ගේ බඩට ගහමින් ඔවුන්ව මහා පාරට ඇද දමති. මේ තත්වය නුගේගොඩදී ගෙවී ගිය දින වලදී දක්නට හැකි විය.
අපි පොලිස් වදහිංසාව, අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදුවන මරා දැමීම, අතුරුදහන් කිරීම්, වංචාව, ඥාති සංග්‍රහය ගැන මෙහිදී නොලියන්නේ ඒවා කියවා සාමාන්‍ය ජනතාව විඩාවට පත්ව ඇති බැවිනි. එහෙත් යාචකයාගේ සිට පදික වෙළෙන්දා දක්වා පිඩාවට පත් අය ආස්චර්යයේ කුහකත්වය සහ පවුලක් විසින් පරපෝෂිතයකු සේ රටේ දනය බලය උරා බොන හැටි මැනවින් අවබෝද කරගෙන ඊට විරුද්දව නැගී සිටීමේ අවසාන පැය මේවන විට එලබ ඇත.
Post a Comment