හර්ෂි සි. පෙරේරා
වසන්ත රාණි ජෝමල අම්මා නැතිනම් සැක අංක 385 දරන 29 හැවිරිදි තරුණිය දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ වැලිකඩ බන්දනාගාරයේය.
ජෝමාල අම්මා සිටින්නේ වැලිකඩ බන්දනාගාරයේ කාන්තා වට්ටුවේය. ඇය ගම්පහ මහදිකරණයේ අංක 315/2004 දරන නඩුවේ පැමිණිල්ලේ ප්‍රදාන සාක්ෂිකාරියයි. ඇයව දුෂණය කිරීම පිලිබදව මෙම නඩුව වදුමෙස්ත්රිගේ බන්දුල සරත් කුමාරට විරුද්දව පවරා ඇත.
මේ ඇගේ නඩුවයි. ඇය බරපතල අපරාදයක් වූ ස්ත්‍රී දුෂණයේ වින්දිතයායි. ඇය ඇගේ ඇප කොන්දේසි පහත පරිදිය. රුපියල් 10000/= ක් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකකි. මෙම ශරීර ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇගේ මව වියයුතු අතර අනෙක් අය ඇය ගෘහසේවිකාවක් වශයෙන් සේවය කරන නිසා සේවය කරන ඉස්ථානයේ ගෘහ මුලිකයා විය යුතුය. මේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කල ඉල්ලීමද ප්‍රතික්ෂේප විය.
අදත් ඔක්තෝම්බර් 03 වැනිදා ඇගේ මව අදිකරණයට ගිය විට කිවේ නඩුව 2012 ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනවාරි 12 වැනිදා නඩුව කල් ගිය බවත් පවසන ලදී.
ඒ අනුව ජෝමාලා අම්මා වසර දෙකකට වැඩි කාලයක් රිමාන්ඩ් එකෙය. ලබන ජනවාරි 12 වැනිදාට හිතක් පපුවක් නැති යුක්තිය කුමකින් කුමක් කරයිද?
ඇගේ ස්වාමිපුරුසයා ඇයව අතහැර ගොසිනි. දරුවාව බලාගන්නේ ඇගේ මවයි. ඇගේ මව එදා වෙලා සොයාගන්නේ නුවර එළියේ එළවලු කොටු වල වැඩකිරිමෙනි.
ඇගේ දරුවා පාසල් යන්නේ නැත. ඒ තම මව නොමැති දුකෙනි.
චායාරුපයේ සිටින්නේ ඇගේ වයස අවුරුදු 50 ක් වන මව අන්තෝනි අම්මා සහ වයස අවුරුදු 05 ක් වන පුතු විසොප්ය.
Post a Comment