මාධ්‍යවේදී නිමල් එස් සුරේන්ද්‍රගේ මරණය ගැන නිහඬ ඇයි?

ඝාතනය කල දිවයින මාධ්‍යවේදී නිමල් එස් සුරේන්ද්‍ර පිළිබඳව මෙතෙක් හරිහැටි පරීක්ෂණයක් නොකර සිටීම බොහෝ දුරට විමතිය ගෙන දෙන්නකි. ඔහුගේ මරණය කාලයේ වැලිතලාවෙන් යටවී තිබේ. ඝාතනය කල කාලයේ කරන ලද පරීක්ෂණ පවා හරිහැටි එලියට ආවේ නැත. සමහර ලිපි ගොනු අස්ථානගතවී ඇත. එහෙත් ඔහුගේ මරණය පිලිබඳව එක් ප්‍රබල සාධකයක් සමාජ ගතවී තිබේ. එනම් හිටපු දේශපාලඥයෙකුගේ බිරිඳකගේ චායාරුපයක් පිලිබඳ කතිකාවකි. පැවසෙන පරිදි ප්‍රේමදාස යුගයේදී හේමා ප්‍රේමදාස කෙටි සායකින් සැරසී ටෙනිස් ගසන විට චායාරුපයක් ගැනීම නිසා ඔහු පසුපස ලුහුබැඳ ආ දේශපාලන කුලී මැරයන් පිහියෙන් ඇන ඔහු මරා දමන ලදී. මෙම පුවත සත්‍ය නම් දැනට යටපත් වී ඇති ඔහුගේ මරණය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට බාධාවක් නැත. අපරාධයක් කාලාවරෝධනයට යටත් නොවේ. ඝාතනය කල දිවයින මාධ්‍යවේදී නිමල් එස් සුරේන්ද්‍ර ගේ මරණයට ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණ තිබුනේ නැත. නිමල් එස් සුරේන්ද්‍ර ගේ මරණයත් සමගම ඔහුගේ මාධ්‍ය සගයන් නිහඬ වුවා මිස මෙම අපරාධයට එරෙහිව හඬක් නොනැගීය.

මේ මොහොතේ තිස් වසර සමරන දිවයින පුවත්පත කෘර ලෙස මරා දමන ලද තම මාධ්‍ය සගයාගේ මරණය ගැන අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දැන්වත් සාධනීය හඩක් නැගිය යුතුය.

අමිල ගුණරත්න


Tell a Friend