l කිෂානි වැලිවිටිගොඩ
කොන්ග්රස් නායක දිග් විජෙයි සින්ග් විවුර්ත ලිපියක් ලියමින් ඉන්දියාවේ දුෂණයට එරෙහි ව්‍යාපාරය සහ ජන් ලෝක්පාල් අනා හසාරේ හට අවධාරණය කොට ඇත්තේ භාරතීය ජනතා පක්ෂය විසින් තමන්ට ජනාධිපතිකම ලබා දෙන බවට බොරු පොරොන්දු දෙමින් හසාරේ නොමග යවා ඇති බවයි. මේ නිසා අනා හසාරේ භාරතීය ජනතා පක්ෂයට හෝ එය පාලනය කල අවධිය ගැන කිසිවක් විරුද්ධව නොකියන බවට චෝදනා කොට ඇත.
එසේම ගුජරාට් හි මහා ඇමතිවරයා වශයෙන් කටයුතු කරන භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මුඩී පසුගිය වසර පුරාම ලෝකයුක්ත සංවිධානය ක්‍රියාත්මක කර නැති බවට චෝදනා කළේය. ලෝකයුක්ත යනු එක් එක් ප්‍රාන්ත වල දුෂණය මර්ධනය කිරීමට ඇති සංවිධානයයි.
අනා හසාරේ හට මීළඟ වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙහි අපේක්ෂක ධුරය ලබාදීමට පොරොන්දු වී ඇති භාරතීය ජනතා පක්ෂයෙන් පරිස්සම් වන බවට ඔහු ඉල්ලා ඇත. මන්ද මෙවැනි පොරොන්දු ලබා දීම අදාළ පක්ෂයේ පුරුද්දක් බවයි. එසේම හසාරේට සහාය දක්වන සියලුම දෙන ප්‍රබල භාරතිය ජනතා පක්ෂයේ ක්‍රියාකාරීන් බව සඳහන් කරන කොන්ග්රස් නායකයා ඔවුන් සිදු කරමින් සිටින්නේ තම තමාගේ දේශපාලන අවශ්‍යතාවන් සපුරා ගැනීම බව ඔහු වැඩි දුරටත් සඳහන් කොට තිබේ.
Post a Comment