හර්ෂි. සි. පෙරේරා
තම පුතුගේ හදිසි වියෝවෙන් තැවෙන මේ අම්මා නමින් මැද්දගේ කල්යනවතී පෙරේරාය. ඇය 68 හැවිරිදි එක් දරු මවකි. අවුරුදු 43 ක් වූ ගාල්ලගේ ඩොනල් ප්‍රියදර්ශන පෙරේරා අගේ එකම පුතුය. ඔහු විවාහක එක් දරු පියෙකි.
2011.05.26 දින ඇගේ පුතා වන ඩොනල්ඩ් රාත්‍රී 7 ට පමණ විවාහ උත්සවයකට සහබාගිවිමට 18 කණුව ප්‍රදේශයේ නිවසකට ගොස් ඇත. රාත්‍රී 11.30 ට පමණ ආපසු ගෙදර එමින් සිටියදී පුත්තලම ප්‍රදේශයේ සිට අනුරාදපුර දෙසට ගමන් කරමින් තිබු වාහනයක් ඔහුව හප්පා ගෙන ගොස් ඇත.
ඇගේ පුතා වාහනයේ හැප්පෙන ශබ්දය ඇසි අවට මිනිසුන් එතනට රැස් වුවද හැප්පුණු වාහනය එම ස්ථානයේ ඒවනවිටත් දක්නට ලැබී නොමැත. වාහනයක් නැවත හරවාගෙන පුත්තලම දෙසට ගොස් තිබිණි.
ප්‍රදේශවාසීන් ඇගේ පුතාව පුත්තලම රෝහලට ගෙන ගොස් ඇත.
සාලිය වැව පොලිසිය සිද්දිය වූ ස්ථානයට පැමිණ එම ස්ථානයේ තිබුණු වාහනයේ කැබලි වගයක් ඇහිද ගෙන ගොස් තිබේ . 2011.05.27 දින ඇයට දැන ගැනීමට ලැබී තිබෙනවා කරුවලගස්වැව පොලිසියෙන් වාහනය අත්අඩංගුවට ගෙන හැපී තිබෙන්නේ අලියකු බැවින් එය මුදාහැරිය බව සාලිය වැව පොලිසිය පවසන බව.
27 දින ඇගේ පුතාගේ තත්වය අසාද්‍ය බැවින් කොලබ ජාතික රෝහලට මාරුකර යවා ඇත. ඔහු 2011.06.02 දින දක්වා ප්‍රතිකාර ලබා ඇත. ඔහුට ශල්‍ය කර්මයක්ද සිදු කරනු ලැබ තිබේ. නමුත් එදින පෙරවරුවේ ඇගේ පුතා රෝහලේදීම මියගොස් ඇත. 04 වැනිදා අවසන් කටයුතු සිදු කරනු ලැබිණි.
වාහනයට අලියකු හැපුණු බව කීවද සාලියවැව පොලිසිය මෙතෙක් ඒ පිලිබදව වන ජීවී දෙපාර්තමේන්තුවට දැන්වීමක් කර නැත. 06 වැනිදා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අද්යක්ෂක වෙතද පැමිණිලි කර ඇත. නමුත් මෙතෙක් සාලිය වැව පොලිසිය කල්යනවතී මහත්මියගේ පුතාට සිදුවූ අපරාදය සම්බන්දයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැත.
Post a Comment