මාතර මහ නගරසභා මැතිවරණය කල් දැමීමේ රජයේ කුමන්ත්‍රණයක් මංගල හෙළි කරයි...
මාතර මහ නගරසභා මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වෙන විට තොරතුරු ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් නායක සන්නිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීර මහතා පවසයි. අද ( Oct. 05 ) මාතර සමරවීර මහතාගේ නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ මාතර පොලිසිය මැතිවරණ නීති රීති කි්‍රයාත්මක නොකිරීම හේතුවක් විධියට හුවා දක්වමින් මේ කල් දැමීම උත්සහා කරමින් සිටින බවයි.
නමුත් මෙහි සැබෑ අරමුණ ආණ්ඩුපක්ෂය නියත වශයෙන්ම පරාජය වන මේ නගරසභා මැතිවරණය සති දෙකකින් කල් දමා ඉන් පසු මුළු රාජ්‍ය බලය යොදවා ඡන්දය මංකොල්ල කෑමේ උත්සහයක් හැටියට තමන් දකින බවයි.
මාතර පොලිස් නිලධාරීන් බොහොමයක් නීතිය සාධාරණව ක්‍රියාත්මක කල ද මාතර පොලිසියේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පමණක් පක්ෂග්‍රාහී පබයෙකු ලෙස කටයුතු කරන අතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සමහර පාට නොපෙනෙන අන්ධභාවයක් සහිත රෝගයක් වන කලර් බ්ලයින්ඩ් රෝගයෙන් පෙළෙන බව ද ඊට හේතුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පේන්නේම කොළ පාට පෝස්ටර්, කොළ පාට කටවුට් සහ කොළ පාට සැරසිලි පමණයි. ඒ වගේම පොලිසියේ මෙම පක්ෂග්‍රාහී තත්ත්වය මාතරට පමණක් සීමා නොවූවක් බවත් අද මුළු ලංකාවේම පොලිස් සේවය රාජපක්ෂ පවුලේ මුර සේවයක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්වරයාත් රජයේ සේවකයකු ලෙස මේ රටේ තිඛෙන මැතිවරණ නීති උල්ලංගනය කරමින් කටයුතු කරනවිට ඔහු යටතේ තිඛෙන පොලිස් සේවය මෙවැනි තත්ත්වයකට පත්වීම ගැන අප පුදුම විය යුතු නැති බව ද ඔහු ප්‍රකාශ කළා. ඊයේ මාතර නගරයේ පැවැත්වූ සන්ධාන පෙලපාලිය ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සන්ධානයට නගරය තුල බලයක් නොමැති නිසා දිස්ත්‍රික්කය පුරා සිටින සන්ධානයේ පුද්ගලයන් ගෙන්වා පෙලපාලිය පැවැත්වීමට සිදු වූ බවයි. ඒ හරහා එක්සත් ජාතික පක්ෂයට විශාල වාසියක් සිදු වූ බව මන්ත්‍රීවරයා අවධාරණය කලා. ආණ්ඩුවේ මෙවැනි ගොන් පාට් හරහා එක්සත් ජාතික පක්ෂයට වාසියක් මිස අවාසියක් සිදුනොවන බවත් ඔහු කියා සිටියා. මැතිවරණය කල් දැමීමට කිසිදු හේතුවක් මේ වන විට නොපවතින අතර 17 වන සංශෝධනය කුණු බක්කියට දැමීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට තිබූ ස්වාධීන බල තල සහ පොලිසියේ තිබුනු ස්වාධිනත්වයත් අහිමි වී ගිිය බව ද මංගල සමරවීර මන්ත්‍රීවරයා සදහන් කළා. මුළු රට තුලම නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උඩ මාතර නගරයේ ඡන්දය පමණක් කල් තැබීමේ රහස කුමක්ද කියා අපි අහන්න කැමතියි. රහස අන් කවරක්වත් නොව මාතර මහ නගරසභාව අන්ත පරාජයක් ලබන බව රජයේම වාර්තා වල සදහන්ව තබීම බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ. විශේෂයෙන්ම දකුණේ ප්‍රධානම නගරය වන මාතර මහ නගරසභාව පරාජය වීම රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බව දන්නා නිසාම මැතිවරණය කල් දැමීමට රජය උත්සහා ගන්නා බවට ද ඔහු චෝදනා කළා. මැතිවරණ නීතියේ 38/3 වගන්තියට යටතේ මැතිවරණයක් කල් දැමිය හැක්කේ හදිසි අවස්ථාවකදී පමණක් බවත් එහි එයින් අදහස් වන්නේ ගං වතුර වසංගත රෝග පැතිරීමක් එසේ නැතහොත් සුනාමි වැනි හදිසි ආපදා තත්ත්වයක් බවත් සමරවීර මන්ත්‍රීවරයා අවධාරණය කළා. ඒ නිසා මේ මැතිවරණය කල් දැමීමට ක්‍රියා කලහොත් එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත් මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම රජය අපොහොසත් වීම හරහා මාතර නගරයේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට කටයුතු නොකරන ලෙසත් ස්වාධීන මැතිවරණ කොමිසමක් පිහිටුවීම වෙනුවෙන් රජයට බලපෑම් කිරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් ද කළා. නීති විරෝදී ලෙස මාතර මහ නගරසභා ඡන්දය කල් දැමීමට බැරිවෙලාවත් උත්සහා කළහොත් දස සහස් ගණන් මාතර ජනයා සමඟ වීධි බැසීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් මංගල සමරවීර මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියා.

Post a Comment