සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට රජය ගත් තීරණය මේ වන විට ඉතාම වංචාකාරී සූදුවක් බව ඔප්පු වී ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසයි. ඔහු එසේ පවසා සිටියේ ඊයේ (27) පෙ.ව. 10.00 ට කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
පසුගිය 10 වෙනි දින ලාෆා් සමාගම් කොටස්වලින් 10% ක් සේවක අර්ථසාධක අරමුදල යොදා මිලදී ගෙන ඇත. එය එසේ කර ඇත්තේ ලාෆ් කොටස්වල මිල කෘතිම ලෙස ඉහළ නැංවීමට සලස්වන බවද සමරසිංහ පවසයි. එදින උදේ 10.00 වන විට රු. 38 ට තිබූ ලාෆ් කොටස් මිල දහවල් 11.00 වන විට 48 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත. නැවත ඉහත කී ගනුදෙනුවෙන් පසු සවස 2.00 වන විට එහි කොටස් මිල රුපියල් 40 දක්වා බැස ඇත. මේ වන විට එය නැවත රුපියල් 38 දක්වා බැස ඇත. මෙම ගනුදෙනුව නිසා සේවක අර්ථසාධක අරමුදලට ඇති වී ඇති මුදල රුපියල් මිලියන 400-500 ක් අතර වන බවද ගණන් බලා තිබේ. මීට වසර 1 1/2 ට පමණ පෙර ගේ‍්‍රන් එලිවේටර්ස් සමාගමේ කොටසක මිල රු. 15 කි. මීට මාස 5 කට කලින් එය රු. 75 දක්වා ඉහළට ගොස් ඇත. නැවත මාස 3 ක් ඇතුළත එය රු. 258.00 දක්වා ඉහළට නැග ඇත. මීට මාස 2 කට කලින් සේවක අර්ථසාධක අරමුදල මගින් කොටසක් රු. 236 ගණනේ එහි කොටස් රුපියල් මිලියන 5 ක් අරගෙන ඇත. දැන එහි කොටසක වටිනාකම රුපියල් 100 කි. අරමුදලට කෝටි ගණනක මුදලක් අහිමි වී ඇත.
මීට අමතරව ඔවුන් සමාගමෙන් රුපියල් මිලියන 737 ක කොටස් අරගෙන ඇත. එය මිලදී ගෙන ඇත්තේ කොටසක් රු. 285 ගණනේය. අද වන විට එහි කොටසක මිල රු. 240 ට බැස ඇත.
ඉහත කී ගනුදෙනුවලින් පමණක් රුපියල් කෝටි 100 ට වැඩි මුදලක් සේවක අර්ථසාධක අරමුදලට අහිමි වී තිබේ. මේ සිදුවන්නේ අන්යමක් නොව රජයේ බලධාරීන් තම හිතවතුන්ට සේවක අරමුදල බෙදාදීම බවත් මෙම වංචාව මහ බැංකු අධිපතිවරයාද දන්නා බවත් වසන්ත සමරසිංහ ඉහත මාධ්‍ය සාකච්ඡුාවේදී තවදුරටත් හෙළිකර සිටියේය.
වැඩකරන ජනතාවගේ ශ්‍රමයෙන් ඉපයූ සේවක අර්ථසාධක අරමුදලේ මේ මහා මුදල් කොල්ලය වහා නවතා දැමිය යුතු බවත් මෙම වංචාව සෙවීම සඳහා මූල්‍ය කළමණාකරනය ප්‍රගුණ කළ පිළිගත් පුද්ගලයින්ගෙන් යුතු කොමිටියක් පත් කළ යුතු බවත් ඒ හරහා වංචාකරුවන්ට වහාම දඩුවම් ලබා දිය යුතු බවත් අන්තර් සමාගම් සේවක සංගමය අවධාරණය කර සිටී.
ආයෝජනය කරන ස්ථානවලට හා අර්ථසාධක මණ්ඩලයට වැඩිපුර සේවක සංඛ්‍යාවක් පත්කර එහි සංයුතිය වෙනස් කළ යුතු බවටද අන්තර් සමාගම් සේවක සංගමය යෝජනා කර සිටී.
මේ සේවක අරමුදල් මංකොල්ලය වහා නතර කිරීමට පියවර නොගතහොත් රජය මීට කලින් ගෙනා ඊනියා පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පා එය පරාජය කළාසේම වැඩකරන ජනයා දස දහස් ගණන් පාරට බස්සවා මේ කොල්ලයද පරාජය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තවත් සූදානම් බවද අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී වැඩිදුරටත් පවසා සිටියේය.

Post a Comment