| විශේෂ වාර්තා කරුවෙකු විසිනි
ආසන සංවිධායකයින් බොහෝමයක් උත්සවය වර්ජනය කරයි
මීගමුව නගර සභාවට තේරීපත් වූ නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනා දීවුරුම් දීමේ උත්සවය මේ වන විටත් මීගමුවේදී පවත්වන අතර මෙම උත්සවයේදී මීගමුව ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නව කපා පළාත් සභා ඇමති පසුගියදා කුඩු -ගිනි අවි චෝදනා ලද "කුඩු ලාන්සා" බලය අතට ගෙන කටයුතු කරන බව වාර්තාවේ.
මෙම දීවුරුම් දීමේ උත්සවයේ සංවිධාන කටයුතු වලින්ද මීගමුව ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නව කපා කුඩු ලාන්සා විසින් සිය "විධායක බලය" පාවිච්චි කරමින් සිදු කර ඇති අතර මෙම උත්සවය සඳහා මීගමුව ප්‍රධාන සංවිධායකවරයාව නිකංම නිකං ආරාධිතයෙකු ළෙස ආරාධනා කර තිබේ. එසේම මීගමුව සංවිධායක සරත් ගුණරත්නට එම ආරාධනය කර ඇත්තේද අවසාන මොහොතේදී වන බැවින් ඔහු එම උළෙල වර®ජනය කර ඊට සහභාගී නොවී සිටින බවක් දැනගන්නට ලැබේ. එම ආරාධනා පතේ කොතැනක හෝ "මීගමුව ප්‍රධාන සංවිධායක" යනුවෙන් සඳහන් කර නැති අතර එම ආරාධනා පතේ පළාත් සභා අමාත්‍යවරයෙකු පමණක් වන නිමල් ලාන්සාගේ නම අනිත් සියලුම නම් වලට වඩා විශාල අකුරකින් කැපී පෙනෙන ළෙස මුද්‍රණය කර තිබේ. "කුඩු ලාන්සා"සිය ආධාර කරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ මින්පසු මීගමුව සංවිධායකවරයා තමා බවයි.
මීගමුව ප්‍රධාන සංවිධායකවරයාව කපා දමා පවත්වන මෙම උත්සවය සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා සහභාගී නොවී සිටීමට උත්සහ කළත් ඉහළින් ලද අණක් හේතුවෙන් එතුමාට මේ සඳහා සහභාගී වීමට සිදු වූ බවද වාර්ථාවේ.
මීගමුව ප්‍රධාන සංවිධායකවරයාව කපා අනිසි ළෙස පවත්වන මෙම දීවුරුම් දීමේ උත්සවය සඳහා අවට අනිකුත් ආසනවල සංවිධායකවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ෆිලික්ස් පෙරේරා, ර්වින් සිල්වා, නීල් රූපසිංහ, පණ්ඩු බණ්ඩාරනායක වැනි ප්රබලයින්ද සහභාගී නොවී වර®ජනය කර ඇති අතර මේ සඳහා සහභාගී වී ඇත්තේ ආණ්ඩුකාරවරයා, බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්රමුඛ පළාත් සභා ඇමතිවරු කිහිපදෙනෙකු පමණි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බොහො කළක් දර දීය ඇද සිය ජීවිතය පවා පරදුවට තබා දීර්ඝ කළක් දේශපාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප ක්‍රියාකාරියෙකු වන සරත් ගුණරත්නට එරෙහිව එජාපයේ සිට පැමිණ ඩබල්ගේම් දෙන "කුඩු ලාන්සාගේ" ඩබල් ගේම් වල විස්තර රැසක් ඉදීරියේදී බලාපොරොත්තු වන්න.
Post a Comment