හර්ෂි සි. පෙරේරා
අමිල සහ ගිහාන් මාතලේ මා/ වීර කප්පෙට්ටියපොළ මද්ය මහා විදුහලේ 11 වසර බි පන්තියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක් වූ සිසුන් දෙදෙනෙකි.
2011.10.24 දින දහවල් මේ සිසුන් දෙදෙනාම පාසලේ සමුපකාරයට ගොස් ගෙවල් වලට දුරකථන ඇමතුම් ගෙන කියා සිටියේ තමන්ට ලොරි සර් පහරදීම නිසා අමාරු බවයි.
එවිට පාසලට පැමිණි ඔවුන්ගේ දෙමාපියන් දරුවන්ව මාතලේ රෝහලට ඇතුලත් කර ඇත.
මේ සිසුන් දෙදෙනාට කලින් හමුදාවේ සේවය කල අයකු බව කියන ලොරි සර් විසින් පහරදීමට හේතු වී ඇත්තේ කෑම කන ශාලාවේ වීදුරුවක් ගලක් වැදී කැඩී යාමයි.
මේ සිසුන් දෙදෙනා මාතලේ රෝහලේ 2011.10.26 දින දක්වා නේවාසිකව ප්රතිකාර ලබා ගෙන ඇත. ඔවුන්ගෙන් රෝහල් පොලිසිය කටඋත්තර ලබා ගෙන ඇති අතර අදිකරණ වයිද්ය නිලදාරිවරයාද ඔවුන්ව පරික්ෂා කර තිබේ.
අම්මගේ අප්පාගේ බුදලේදැයි අසමින් ලොරි සර් මෙසේ වේවැලෙන් මේ සිසුන් දෙදෙනාගේ පිටවල් වලට පහරදී ඇත. ඒ පාරවල් ඔවුන්ගේ අත් වලටත් වැදී ඇත. අමිලව විදුහල්පතිගේ කාර්යාලය ඇතුලට මුහුණ සිටින සේ එහි ඉදිරිපස දන ගස්වා තබන ලදී. ගිහාන්ගේ පිටට වේවැල කැඩෙන තුරුම පහර දී ඇත. ඔහු බිම වාඩි වී ලොරි සර් අබියස වැද වැටෙමින් තමන්ට පහර නොදෙන්නයි කන්නලවු කර තිබේ.
"මේ අන්තිම දවස, සල්ලි තියෙනවනම් ඕන දෙයක් කරලා පෙන්නපන් උසාවි පොලිසි ඕන තැනක පලයල්ලා" ඒ ලොරි සිය අමානුෂික පහරදීමෙන් අනතුරුව බැණ වදිමින් ළමුන්ව පන්ති වලට එළවා ගත් අයුරුයි.
Post a Comment