අගුලාන, දොම්පේ සිට මෝදර පොලිස් මුර පොළ දක්වා.


හර්ෂි සි. පෙරේරා

මොරටු මෝදර පොලිස් මුරපොළේ කොස්තාපල් චන්ද්‍රවිමල සමරවික‍්‍රම කපා කොටා මරා දැමූ බව කියන සැකකරුවකු බොල්ගොඩ දූපත අසල ගිළී මියගිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මැක්සි ප්‍රොක්ටර් කියයි. සැකකරු සමග බෝට්ටුවකින් ගොස් කඩුවක් හා මන්නයක් සොයාගෙන එද්දී සැකකරු මංචු පිටින්ම පොලිස් කොස්තාපල්ට පහරදීම නිසා ඔහු ගඟට වැටී ඇතැයි ද සැකකරු ද ඒ සමග ගඟට පැන ඇතැයි ද දෙදෙනාම ගොඩගෙන රෝහලට රැගෙන ගිය නමුත් ඔහු පානදුර රෝහලේ දී මියගිය ගොස් අතැයි ද ඔහු පවසයි.

අගුලාන නඩුවේ ජනප්‍රිය තීන්දුව වූ මරණිය දණ්ඩනයට අබියාචනය කල හැක. එය මෙරට රාජපක්ෂ හිතවාදී ගොන් රැලට වඩා හොදින් අපරාදය සිදුකල පොලිස් ලොක්කෝ දනිති. ඊළගට අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදුවන පොලිස් මරා දැමීමය. සෑම මරා දැමීමකටම පසුව පොලිසියට කීමට කෙබ්බයක් ඇත. එය වෙනස් වන්නේ සුළු වශයෙනි. මෙය දොම්පේ පොලිසියේදී සිදු විය. දැන් අලුත්ම පුවත මොරටු මෝදර පොලීසියෙනි.

කිසිම දෙයකින් පොලිසිය හැදෙන පාටක් නැත. නමුත් සෑම පොලිස් මරා දැමීමකටම එරෙහිව ජන හඩට එක්තරා දුරකට යමක් කල හැක. එහෙම නැතිව පොලිසියට මානව හිමිකම් පුහුණුව දීමෙන් පලක් නැත. මානව හිමිකම් ඩිප්ලෝමා කරන පොලිස් කාරයින් නිතිය සහ මානව හිමිකම් ගැන කියවන්නේ විබාග පාස්වීමට මිස ජනතාවට සේවයක් කිරීමට නොවේ.


.
Tell a Friend