ද්‍රවිඩ පක්ෂයකට ප්‍රථම වරට ඇමෙරිකාවෙන් ඇරයුම්

| ක්‍රිස්ට් කමලේන්ද්‍රන්

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්ගේ නායකත්වයෙන් එම පක්ෂයේ සිවු දෙනෙකු එක්සත් ජනපද ආණ්ඩුවේ ආරාධනයක් මත ලබන 25 වෙනිදා වොශින්ග්ටනය බලා පිටත් වීමට නියමිතය. ආදාල සංචාරය ආණ්ඩුව සහ ටි. එන්. ඒ. අතර පැවැත්වූ සාකච්චා විසඳුමකින් තොරව නතර වී ඇති අවස්ථාවකදීය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සඳහන් කරන පරිදි තමන් සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර පැවැත්වූ සාකච්චා ගැන රාජ්‍ය ලේඛම් හිලරි ක්ලින්ටන් සහ නියෝජ්‍ය රාජ්‍ය ලේඛම් රොබෙට් බ්ලේක් දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මෙය දෙමල දේශපාලන පක්ෂයකට ඇමෙරිකානු ආණ්ඩුව ආරාධනා කල ප්‍රථම අවස්ථාව බවයි. එසේනම එම සංචාරය සඳහා මාවෙයි සේනාධිරාජා සහ සුනන්දිරන් යන යන මන්ත්‍රීවරුන් සහභාගී වන අතර සංචාරයෙන් පසු ලංකාවට පැමිණීමට පෙර ඔවුන් කැනඩාව සහ බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට සැලසුම කර ඇත.

මන්ත්‍රී ප්‍රේමචන්ද්‍රන් සඳහන් කරන පරිදි ආණ්ඩුව සහ තම පක්ෂය අතර පැවැත්වීමට නියමිත සාකච්චා කල් දැමීම බලාපොරොත්තු කඩවීමක් ලෙස දකින බවයි. ඊට පිළිතුරු ලබා දුන් සජින් වාස් ගුණවර්ධන ප්‍රේමචන්ද්‍රන් ගේ චෝදනාව ප්‍රතික්ෂේප කල අතර ටි. එන්. ඒ. සංවිධානය තම ඇමෙරිකානු සංචාරය අවසන් කල පසු ආදාළ සාකච්චා ඉදිරියට පවත්වාගෙන යන දිනය තීරණය කරන බවයි. කෙසේ වෙතත් ජාතික ප්‍රශ්නයකට විසඳුමක් සොයාගැනීමට පාර්ලිමේන්තු තේරුම් කමිටුවක් ඔස්සේ යෝජනා කිරීමට තමන් අදහස් කරන බව ජනාධිපති රාජපක්ෂ මේ සතියේ මුල ප්‍රකාශයක් කළේය.
Tell a Friend