යේමන හමුදාවේ 7,000 ක් විපක්ෂය සමග එකතු වෙති.

නීතියේ ආධිපත්‍ය පිහුටු වීම සඳහා ආඥාදායකයාට විරුද්ධව හමුදාව පෙළ ගැසේ.

l කිෂානි වැලිවිටිගොඩ

යේමන ජනාධිපති අලි අබ්දුල්ලා සාලෙහ් ආරක්ෂාවට සිටි මෙන්ම යේමන හමුදාවට අයත් 7,000 ක පමණ පිරිසක් විපක්ෂය සමග එකතු වී ඇති බව යේමන මාධ්‍ය ඊයේ වාර්තා කළේය. ආදාල නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ යේමන ජනාධිපති පන්නා දැමීමේ අටියෙන් විපක්ෂය සමග එක්වූ ජනරාල් අලි මොහ්සෙන් අල් අහ්මර් විසිනි. 

 ජනාධිපතිවරයාට විරුද්ධව සාමකාමිව උද්ඝෝෂණය කරන සියල්ලම ආරක්ෂා කිරීමේ වගකීම අදාළ සෙබළුන් විසින් භාර ගනු ලබන ඇති අතර එන්ස් ගෝත්‍රිකයේ නායකයින් සමග පැවැත්වූ සාකච්චා මගින් ඒ බව ජනරාල්වරයා පැහැදිලි කළේය. මේ අතර ජනාධිපතිවරයාට හිතවත් හමුදා විසින් ඊයේ සානා ගෝත්‍රිකයින් වෙත එල්ල කල ප්‍රහාර වලින් සානා ගෝත්‍රිකයින් 20 දෙනෙකු ඝාතනයට ලක් කළ තවත් 25 දෙනෙකුට තුවාල සිදු වූ බවට අල් අරාබියා වාර්තා කළේය. යේමන දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එරට විපක්ෂ නායකයින්ට රුසියාවේ සහ චීනයේ සංචාරයක නිරත වී පවතින තත්වය පිළිබඳව සාකච්චා කිරීමට අවස්තාව ලබා දී ඇත. මේ අතර යේමනයේ තරුණ සංවිධානයක් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලියා ඇති ලිපියක සඳහන් වන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට ජනාධිපති සාලෙහ් ට විරුද්ධව කරනු ලැබූ උද්ඝෝෂණ වලින් 861 දෙනෙකු මියගොස් 25,000 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබූ බව සඳහන් කොට ඇත. ආදාළ උද්ඝෝෂණ වලට මුල සිටම සහභාගී වූ තවක්කුල් කර්මන් නොබෙල් සාම ත්‍යාගයේ සම අයිතිකරු වේ. 

Tell a Friend