දුමින්ද කිසිම දෙයකට හවුල් නෑ --- රජවාසල කවටයා නඩු තීන්දුවක

හුළුගල්ල බබා වෙයි

පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුමින්ද සිල්වා හෙවත් කුඩු දුමින්ද ජනාධිපති උපදේශකවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවෙකු නොවන බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. බි. බි. සි. සිංහල සේවය සමග සම්මුඛ් සාකච්චාවකට එක් වෙමින් ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ්මන් හුළුගල්ල ප්‍රකාශ කළේය.

තරුණ මන්ත්‍රීවරයෙකු වන දුමින්ද සිල්වා මේ වන විට තම මොළයේ සැත්කමක් සිදු කොට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවයි. ඔහු තුවාල ලැබූ රෝගියෙකු වන අතර අදාළ ඝාතනය සඳහා සැකකරුවෙකු බවට පත් කිරීමට කිසිම සාක්ෂියක් නොමැති බව හුළුගල්ල ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියැදුරා සාක්ෂි දෙමින් කියා සිටියේ ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂගේ උපදේශකයකු වන සිල්වා භාරත ලක්ෂ්මන්ට පළමුව වෙඩි තැබූ බවයි. ඉන්පසු ඔහුගේ ගෝලයින්ට වෙඩි තබන ලෙසට අණ කල බවයි. කෙසේ වෙතත් හුළුගල්ල සඳහන් කරන අන්දමට දුමින්දගේ ආධාර කරුවන් කිසි වෙකුත් ආදාළ සිද්ධිය සම්බන්දයෙන් ඇත අඩංගුවට ගෙන නැත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත් අඩංගුවට ගත බව සඳහන් කරන හුළුගල්ල ආදාළ සැකකරුවන් ඉන්දීය වීසා ලබාගෙන තිබු බවට තමන් සක කරන බවයි. මේ අතර ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ අදාළ සැකකරුවන් නීතියේ ඉදිරියට පැමිණ විය යුතු බවයි.

ලක්ෂ්මන් හුළුගල්ල ආක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂගේ පුද්ගලික හිතවතෙකු බවත් ඔවුන් දෙදෙනාට පුද්ගලික මට්ටමේ ගනු දෙනු ඇති බවට පසුගිය සතියේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Tell a Friend