‘‘සුදුකොඩි නඩුව පසුපස භාරත නඩුවේ චූදිතයා ආරක්‍ෂා කරන දේශපාලඥයා‘‘

සුදුකොඩි නඩුව පසුපස සිටින්නේ භාරත ලක්‍ෂ්මන් මහතාගේ නඩුවේ චූදිතයා ආරක්‍ෂා කරන දේශපාලඥයා බව හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ, අද (18) පැවති සුදු කොඩි නඩුවේ සාක්ෂි විමසීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සමග කොළඹ මහාධිකරණයෙන් පිටව යන අතරතුරදීය.

මෙහිදී මාධ්‍යෙව්දීන් අමතා ඔහු මෙසේ පැවසීය.

’සුදුකොඩි නඩුව අවරුදු 1 1/2ක් ඇදගෙන ගියා. ආණ්ඩුවේ සල්ලි නාස්ති කළා. මේකේ තීන්දුව දෙන්න නීති විශේෂඥයෙක් වෙන්න ඕනෙ නෑ. යුක්තිය අසාධාරණය දන්න ඕනෙම කෙනෙකුට මේකට තීන්දුව දෙන්න පුළුවන්. මේක පිටිපස්සෙ ඉන්නේ භාරත ලක්‍ෂ්මන් නඩුවේ චූදිතයා ආරක්‍ෂා කරන දේශපාලඥයායි. අපි ඒකට බය නැතුව මුහුණ දෙනවා.’

මෙම අවස්ථාවේදී අධිකරණය ඉදිරිපිට සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සෙත්පිරිත් සජ්ජායනාවද සිදුකළ බවද වාර්තා වේ.


Tell a Friend