ඉහත නම් සදහන් නීතිඥවරයා කළුතර අදිකරණයේ සේවය කරයි. ඔහුගේ පියාවන නීතිඥ සිරි පෙරේරා ද දීර්ග කාලයක සිට කළුතර අදිකරණයේ සේවය කරයි. ඔහුගේ සහෝදරයකු වන අරවින්ද පෙරේරා විනිසුරුවරයකු වන බවත් හෙතෙම මෙම ඉඩමට නිතර පැමිණ බලපෑම් කරන බවත් ඉන්ද්‍රානි මොනිකා වැඩි දුරටත් ප්‍රකාශ කරන්නීය.
හර්ෂි සි. පෙරේරා
කළුතර ඉහල නෑබඩ පදිංචි පිලිප්පු වඩුගේ ඉන්ද්‍රානි මොනිකා මගේ බිරිද වේ. ඇයට අයත් කළුතර පලාතොට පාරේ සමුපකාර ගබඩාව අසල පිහිටි ඉඩම නීතිඥ ප්රින්සිත් අමිල පෙරේරා විසින් නීතිවිරෝදී ලෙස ඇතුළුවී ගොඩ කරන ලදී.
ඇය මේ පිලිබදව කළුතර උතුරු පොලිසියට පැමිණිලි කළාය. පොලිසිය ඒ පිලිබදව අංක 42/11 දරන නඩුව පවරන ලදී. ඒ 2011.08.30 වන දිනදීය. නඩුවාර කිහිපයකට පසුව 2011.09.22 දින කළුතර අදිකරණයේ මහේස්ත්‍රාත්වරයා නඩුව තමාට පුද්ගලික හේතුන් මත ඇසිය නොහැකි බව පවසා වෙනත් විනිසුරුවරයකු පත් කරන්නයි අදිකරණ සේවා කොමිසමට දන්වන ලෙස නියෝග කර ඇත.
මෙම සිද්දියට අදාලව ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්දනය කිරීමේ සංස්ථාව මගින්ද අංක 89328 දරන නඩුව පවරා ඇත. එය දෙවරක් කැදවීමෙන් පසුව 2011.09.27 දින කැදවූ අවස්ථාවේදී පෙර පරිදිම මහේස්ත්‍රාත් නඩුව ඇසීම ප්‍රතික්ෂේප කර වෙනත් විනිසුරුවරයෙක් ලබා දීමට අදිකරණ සේවා කොමිසම් සබාවට දන්වන්නැයි නියෝග කර ඇත.
ඉහත නම් සදහන් නීතිඥවරයා කළුතර අදිකරණයේ සේවය කරයි. ඔහුගේ පියාවන නීතිඥ සිරි පෙරේරා ද දීර්ග කාලයක සිට කළුතර අදිකරණයේ සේවය කරයි. ඔහුගේ සහෝදරයකු වන අරවින්ද පෙරේරා විනිසුරුවරයකු වන බවත් හෙතෙම මෙම ඉඩමට නිතර පැමිණ බලපෑම් කරන බවත් ඉන්ද්‍රානි මොනිකා වැඩි දුරටත් ප්‍රකාශ කරන්නීය.
කළුතර අදිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු කාර්යමණ්ඩලය මෙම වග උත්තරකාර පාර්ශවයට පක්ෂපාති වන ලෙස කටයුතු කරති. නඩු වාර්තා ගැනීමට ගිය විට මුදල් ලබා ගෙන නඩු පොත නැති බව කියමින් නඩු වාර්තා ලබාදීම ප්‍රමාද කරයි.
තවද මෙම අදිකරණයේ කිසිදු නීතිඥයකුගේ සහය ලබා ගැනීමට ඉන්ද්‍රානි මොනිකාට නොහැකි බවද පැවසේ.
ඒ අනුව ඉන්ද්‍රානි මොනිකාට සහ ඇගේ සැමියාට ඔවුන්ගේ නඩුව ඇසීමට වෙනත් මහේස්ත්‍රාත් අදිකරණයක් අවශ්‍යව ඇත. ඉන්ද්‍රානි මොනිකා මේ පිලිබදව 2011.10.10 දින අදිකරණ සේවා කොමිසම් සබාවේ ලේකම් ගෙන් වෙනත් අදිකරණයක් ලබා දෙන ලෙස ලිකිතව ඉල්ලා සිටියාය.
Post a Comment