ගෝඨාගේ පුතාගේ විවාහ මංගල්‍යයට දුමින්ද රත්තරන් කිලෝ 10ක් දීලා


ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පුත‍්‍රයාගේ විවාහ මංගල්‍යයේදී කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා එම යුවලට මංගල තිලිණයක් වශයෙන් කිලෝ 10ක රත්තරන් තොගයක් ලබා දී තිබෙන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

ආරක්ෂක ලේකම්වරයාගේ පවුලේ සමීපතම හිතවතෙකු වන කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට ආරක්ෂක ලේකම්වරයාගේ බිරිඳ ආමන්ත‍්‍රණය කරනු ලබන්නේ ‘සුදු පුතා’ කියා බවත්, කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා ද ඕනෑම ප‍්‍රසිද්ධ ස්ථානයකදී ආරක්ෂක ලේකම්වරයා හා ඔහුගේ බිරිඳ දුටු විට දණ ගසා වඳින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම අමාත්‍යවරයා සඳහන් කළ පරිදි ආරක්ෂක ලේකම්වරයා නිල නොවන මාර්ගයෙන් උපයා ගෙන ඇති රුපියල් කෝටි ගණනක කොමිස් මුදල් නීත්‍යානුකූල ලෙස ආයෝජනය කර ඇත්තේ කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා සහ ට‍්‍රයි ඇඞ් ආයතනයේ ප‍්‍රධානී දිලිත් ජයවීර මහතා හරහාය.

කුඩු දුමින්ද මහතාට වෙඩි ප‍්‍රහාරයක් එල්ලවූ පසු තමාටත් තර්ජනයක් වෙතැයි බියෙන් දිලිත් ජයවීර මහතා ද සැඟවී සිටින බව අප වෙත වාර්තා වේ. දුමින්ද - භාරත ගැටුම සම්බන්ධයෙන් තමාගෙන් නොවිමසා කිසිවක් විකාශනය නොකරන්නැයි දිලිත් ජයවීර මහතා දෙරණ නාලිකාවේ ප‍්‍රධානීන්ට උපදෙස් දී ඇත. 

- Lanka News Web

Tell a Friend