ඊශ්‍රායලය- පලස්තීනය:ඊශ්‍රායල හමුදා සෙබළෙකුට පලස්තීන් 1027 දෙනෙකු හුවමාරු කර ගැනේ

| කිෂානි වැලිවිටිගොඩ

2006 ජුනි මාසයේදී පලස්තීනයේ හමාස් සංවිධානය විසින් අත්අඩංගුවට ගත් ඊශ්‍රායල හමුදාවේ සේවය කල ගිලාඩ් ශාලිඩ් නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගෙන ඇත. සිරියාවේ දමස්කස් නුවර සිට ජනතාව ඇමතු හමාස් නායක ඛලිඩ් මශාල් කියා සිටියේ පලස්තීන සිරකරුවන් 1027 දෙනෙකු ගිලාඩ් ශාලිඩ් වෙනුවට හුවමාරු කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව සඳහන් කළේය.

ගිලස් ශාලිඩ් හමාස් සංවිධානය විසින් 2006 ජුනි 25 වැනි දින අත්අඩංගුවට ගනු ලැබීය. එය ඊශ්‍රායලයේ ජාතික ගැටලුවක් බවට පත් වූ අතර දේශපාලකයින් රැසක් ඔහු බේරා දෙන බවට ශාලිඩ්ගේ දෙමව්පියන්ට පොරොන්දු විය. කෙසේ වෙතත් අගමැති නෙතන්යාහු හමාස් සංවිධානය සමඟ සිදු කළ දීර්ඝ කතා බහක පියවරක් ලෙස ශාලිඩ් නිදහස් කරගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මේ අතර ශාලිඩ් නිදහස් කිරීම වෙනුවෙන් ඊශ්‍රායලයේ සිටින සිරකරුවන් 1027 ක් නිදහස් කර ගැනීමට තමන්ට හැකි බව සඳහන් කළ හමාස් නායකයා අදාළ සිරකරුවන් නිදහස් කර ගැනීම පියවර දෙකක් ය‍ටතේ සිදු වන බවයි. ඒ අතර සිටින සිරකරුවන් 327 දෙනෙකු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූවෝ වෙති.

Tell a Friend