| කිෂානි වැලිවිටිගොඩ
කාලාන්තරයක් තිස්සේ පැවති සින් එල් අබින්දේ බෙන් අලී මහජන උද්ඝෝෂණයකින් පසු බලයෙන් පහ කිරීමෙන් පසු ටියුනීශියාවේ පැවැත්වූ පළමු මැතිවරණයෙන් ජය ගැනීමට ඉස්ලාමීය එන්නධා පක්ෂය සමත් විය. ප්‍රකාශිත මුළු චන්ද සංඛ්‍යාවෙන් සීයට 41.5 ක් ලබාගත් එම පක්ෂය පලිමෙන්තුවේ 217 ක් වන මුළු ආසන සංඛ්‍යාවෙන් 90 ක් හිමි කර ගත්තේය. ඒ අනුව නව ආණ්ඩුව රටේ නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම මෙන්ම නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම නව ආණ්ඩුව විසින් සිදු කරනු ඇත.
එසේම වාමාංශික දේශපාලන පක්ෂයක් වන කොන්ග්රස් පක්ෂය සීයට 13. 08 ( ආසන 38 ) දෙවැනි ස්ථානයටද, ආසන 21 ක් දිනා ගත එට්ටකටෝල් පක්ෂය තෙවැනි සතනයද මැතිවරණයේදී ලබා ගත බව මැතිවරණ කොමසාරිස් කාමෙල් ජෙන්දොබි ප්‍රකාශ කළේය.
මේ අතර මැතිවරණයේ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා එල්ල කරමින් ඇතැම් පක්ෂ වලට අයත් තරුණ/ තරුණයින් දහස් ගණනනක් උද්ගෝෂණ ආරම්භ කර ඇති බවද මේ අතර සඳහන් වේ.
Post a Comment