"ගඩාෆි මරා දැමීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න" - ආණ්ඩුව


ඒ ගඩාපි අමාරුවේ වැටුණු විට අපේ ගඩාපි දුරකථන ඇමතුම් පවා ලබා දුන්නේය. දැන් ගඩාපි ගාතනය තරයේ හෙලා දකින ශ්‍රී ලංකා ආණ්ඩුව ඒ ගැන කඩිනම් පරීක්ෂණයක් කරන ලෙසට දැඩිව ඉල්ලා සිටි.

 ගඩාපි ශ්‍රී ලංකාවේ දිගුකාලින මිතුරෙකි. ඔහු 1976 දී කොලබ ආවේය. ඒ නොබැදි ජාතීන්ගේ රටවල් වල නායකත්ව සමුළුවට සහබාගි වීමටය. 2007 දී ජනාදිපති මහින්ද ලිබියාවට ගියේය. ගිය වසරේදී රාජපක්ෂ ජනාදිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්වද ගඩාපි විසින් ට්‍රිපොලියට ගෙන්වා ගනු ලැබිණි.

ශ්‍රී ලංකා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ලිබියානු අන්තර්වාර සබාවේ හමුදා අතින් ගඩාපි මරමුවට පත්වීම ගැන සිකුරාදා පාර්ලිමේන්තුවේදී දැඩිව හෙලා දකින ලදී. ඉන් අනතුරුව බාහිර කටයුතු අමාත්යංශය විසින් එම ගාතනය ගැන කඩිනම් පරීක්ෂණයක් ඉල්ලු මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend