මීගමු පුරපතිධූරය නොලැබීම නිසා ලාන්සා පවුලේ දරුණු ගැටුම්

| විශේෂ වාර්තාකරුවෙකු විසිනි

මීගමු පුරපතිධූරය මුල් කර ගනිමින් පළාත් සභා ඇමති නිමල් ලාන්සා හා ඔහුගේ පවුලේ අය අතර උණුසුම් ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. මෙවර මීගමුවේ නගරාධිපති ධූරය ජයවීර නම් 7 වැනි ස්ථානයට මනාප ලබාගත් අපේක්ෂකයෙකුට ලබාදීමත් නියෝජ්‍ය නගරාධිපති ධූරය දෙවැනි තැනට මනාප ලබාගත් සකවුල්ලා නම් මුස්ලිම් ජාතිකයෙකුට ලබාදීමත් මේ ගැටුමට හේතු වී තිබේ.

තම සහෝදරයා වන මීගමුව පුරපති අපේක්ෂක දයාන් ලාන්සා හට වැඩිම මනාප ලබා ගතහොත් කෙසේ හෝ මීගමුව පුරපතිධූරය ලබාදෙන බවට පළාත් සභා ඇමති නිමල් ලාන්සා සහතික වී ඇති අතර නිමල් ලාස්නාගේ හා බැසිල් රාජපක්ෂගේ සහායෙන් දයාන් ලාන්සා මනාප 14000 ඉක්මවා ලබාගත්තද දයාන් ලාන්සාගේ දූෂණ ක්‍රියා හේතුකොට ගෙන නගරාධිපතිධූරය ඔහුට ලබා නොදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ ජයවීර නමැත්තාට මීගමුව සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්ත කටයුතු කර ඇති අතර මේ නිසා උරණ වී ඇති දයාන් ලාන්සා, ඔහුගේ පියා වන ප්‍රේන්ද්‍රන් ලාන්සා හා වැඩිමහල් සොහොයුරා වන මෙවර 6 වැනි ස්ථානයට තේරී සිටින රෙමෝනා ලාන්සා යන තිදෙනා එක්ව පළාත් සභා ඇමති නිමල් ලාන්සාට දෝෂාරෝපනය එල්ල කර ඇති බවත් එය ගුටි බැට හුවමාරුවක් දක්වා යන විට ඒ අසල සිටියවුන් එය සමථයකට පත් කර ඇති බවත් වාර්තාවේ.

"තොට කරන්න බැරිනම් මොකටද මට නගරාධිපතිකම කොහොම හරී අරන්දෙනවා කියලා පොරොන්දු වුනේ....? තොගේ කට විතරයි තොට කරන්න පුළුවන් දෙයක් නැහැ... අපරාදෙ මම තොගේ වචනෙ විශ්වාස කරලා ලක්ෂ 30ක් නිකං නාස්ති කර ගත්තා... දන්නවනම් මම දේශපාලනේට එන්නෙ නැහැ... යනුවෙන් දයාන් ලාන්සා නිමල් ලාන්සා හට බැන වැදී ඇති බවත්... ඔහු හා එක්වූ පියා හා වැඩිමහල් සොහොයුරාද නිමල් ලාන්සාට කරන්නට පුළුවන් බම්බුවක් නැති බවත් ඔහු නිකම්ම නිකං රූකඩයක් පමණක් බවත් පවසා බැනවැදී ඇත.

මින්පසු තම දේශපාලන කටයුතු සඳහා පවුලේ අය ගාවගන්නේ නැති අතර මගේ වැඩ මම තනියම කරගන්නම් තොපි එකෙකුගෙවත් උදව්ව එපා යනුවෙන් කෑ ගසා නිමල් ලාන්සා නිවසින් පිටව ගොස් ඇති බවද වාර්ථාවේ.

මීගමුව පුරපතිධූරය හිමිවීමට නියමිතව සිටින ජයවීර නමැත්තාද නිමල් ලාන්සාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වන අතර මේවන විටත් දෙදෙනා අතරද දරුණු ගැටුමක් හටගෙන ඇතැයිද වාර්තාවේ.

Tell a Friend