ලැජ්ජා බිය සහිත දේශපාලනය; ලියම් ඉල්ලා අස්වෙයි.


හර්ෂි සි. පෙරේරා

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් අද දහවල් තනතුරෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වේ. මිට හේතුවුයේ දින පතා හෙළිදරවු වූ ඔහුගේ මිතුරා වන ව්රිටිට ආණ්ඩුවේ හදවතට සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක සැලැස්මට ප්‍රවේශ වීමට ෆොක්ස් අවකාශය සලසා දීමයි.

ලියම්ගේ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකාවේ මැති ඇමතිවරුන්ට ආදර්ශයකි. මක්නිසාද අපේ රටේ මිනීමරන , ස්ත්‍රී දුෂණ වලට චෝදනා ලැබූ දේශපාලඥයින්ට තනතුරු නම්බු නම දෙන අපකීර්තිමත් සදාචාරයක් ක්‍රියාත්මක වෙන බැවිනි.

1978 සිට මේ දක්වාම අප රටේ දේශපාලනය තුල අපරාදකරුවන්ට ආරක්ෂාව සැලසිනි. ඒ තත්වය තව දුරටත් දියුණු කිරීමට මුල්වූ රාජපක්ෂ ජනාදිපතිවරයා 18 වන සංශෝදනය හදුන්වාදීම මගින් මුළු රටම අගාදයකට ඇද දැම්මේය. එහි ප්‍රතිපල නොබෝදා ප්‍රකාශයට පත්වුයේ ආණ්ඩුවේ ඇමතිවරයකු සහ ආරක්ෂක උපදේශකයකු විසින් ආණ්ඩුවේම ජනාදිපති උපදේශකයකු ගාතනය කර සිදුකල බිහිසුණු අපරාදය මගිනි.

අපි අදිරාජ්‍යවාදයට දෙස් දෙවොල් තියමු. එහෙත් අපේ දුෂිත පාලනය වියාප්තවිමට ඉඩ හරිමු. කොහේ හෝ වැරැද්දක් ඇත. දැන්වත් බ්‍රිතාන්‍ය වැනි රටවල යහපත් දේශපාලන තීන්දු තීරණ ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ යහ පාලනය ඇති කිරීමට කටයුතු කරමු.





Tell a Friend