ව්‍යාජ ආචාර්ය උපාධි පිළිබඳව කෙරෙන පරීක්ෂණය

| සමන්ත එස් කෝනාර

ව්‍යාජ ආචාර්ය උපාධි සහිතව මහජනයා රැවටීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම වැනි නීති විරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු අපවෙත ලැබී ඇති අතර ඔවුන් පිළිබඳව අප ජනතාව දැනුවත් කරමු. අපගේ විමර්ශන සහායකයන් මෙම පුද්ගලයන් ගෙන් අදාල ආචාර්ය උපාධි ලැබූ විශ්ව විද්‍යාලය, ලැබුණු දිනය, කවර මහාචාර්යවරයෙක් යටතේ උපාධිය නිම කලේද යන ප්‍රශ්න ඇසු විට මෙම පුද්ගලයන්ගෙන් සතුටුදායක පිළිතුරු ලැබුනේ නැත. නමුත් යලිත් වරක් මෙම පුද්ගලයන්ට ලබාදෙන අනුග්‍රහයක් ලෙසට උක්ත තොරතුරු අප වෙත fightingagainstcurruption@gmail.com විද්‍යුත් තැපැල් අංකයට එවිය හැක. එම තොරතුරු නිවැරදි නම් අප ජනතාව දැනුවත් කරන බවට සහතික වෙමු.

1) එච් ආර් එස් කීර්තිසිංහ - මෙම පුද්ගලයා තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි පවසතත් අපගේ විමර්ශන මාධ්‍යවේදිනිය අදාල ආචාර්ය උපාධි ලැබූ විශ්ව විද්‍යාලය, ලැබුණු දිනය, කවර මහාචාර්යවරයෙක් යටතේ උපාධිය නිම කලේද යන ප්‍රශ්න ඇසු විට ආඳෙකු සේ ලිස්සා යාමට තැත් කළේය. ඔහු කොතලාවල ආරක්ෂක පිඨයේ බාහිර දේශකයෙකු ලෙස කටයුතු කලද මෑතකදී ඔහුගේ සුදුසුකම් පිළිබඳව ඇති වූ සැකයක් නිසා දේශන නවත්වා තිබේ. වත්තල ප්‍රදේශයේ ඔහු මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන අතර ඔහුගේ සුදුසුකම් වියාජ නම් එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නීති උල්ලංඝනය කිරීමකි. රුපියල් 50,000 දඩයකට හා සිර දඬුවමකට යටත් කල හැකිය. මේ සම්බන්දයෙන් අප ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්ය එන්. ඡේ. නෝනිස් දැනුවත් කළෙමු. ඔහු විසින් ඉදිරි කාලයේ ගන්නා ක්‍රියා මාර්ගය ගැන ජනතාවට කරුණු ඉදිරිපත් කරමු.

2) චන්ද්‍රදාස මාදම්පේ - ආචාර්ය උපාධියක් ඇතැයි කියතත් එය ලැබුණු විශ්ව විද්‍යාලය , දිනය කවර මහාචාර්යවරයෙක් යටතේ උපාධිය නිම කලේද යන්න ඇසු විට නිරුත්තර විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බාහිර මනෝ විද්‍යාඥයෙකු ලෙස සේවය කරන බවට පුවත් පත් වල දැන්වීම් පල කරයි. අප ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මේ ගැන විමසු විට චන්ද්‍රදාස මාදම්පේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බාහිර මනෝ විද්‍යාඥයෙකු ලෙස සේවය නොකරන බව පවසන ලදී. රත්මලාන ප්‍රදේශයේ රෝගීන්ට ප්‍රතිකාර කරයි. රත්මලාන සෞක්‍ය වෛද්‍ය නිලධාරියා සහ සෞක්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රධානියා වන විද්‍යා ප්‍රදීප් කාරියවසම් මහතාට මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට කරුණු යොමු කොට තිබේ.
ඔවුන් ගන්නා පියවර ගැන ඉදිරි කාලයේදී අප ඔබට හෙළි කරමු.

3) මාස් ආර් යුසුෆ් - මෙම පුද්ගලයා තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි පවසතත් අපගේ විමර්ශන මාධ්‍යවේදිනිය අදාල ආචාර්ය උපාධි ලැබූ විශ්ව විද්‍යාලය, ලැබුණු දිනය, කවර මහාචාර්යවරයෙක් යටතේ උපාධිය නිම කලේද යන ප්‍රශ්න ඇසු විට සතුටුදායක පිළිතුරක් දුන්නේ නැත. ඔහු කටු වෙදකම Acupuncture පිළිබඳව ආචාර්ය උපාධියක් තිබෙන බව හඟවයි. දොස්තර ඇන්ටන් ජයසුරිය කටු වෙදකම පිළිබඳව ආචාර්ය උපාධි තොග පිටින් පුද්ගලයන්ට විකිණිය. ලංකාවේ රෝලස්රොයිස් වාහනයක හිමිකරුවා වීමට එයින් ඔහුට හැකි විය. නමුත් ඔහුගෙන් උපාධි මිලදී ගත් පුද්ගලයන් සමහරක් නීති විරෝධිව ලෙඩුන්ට ප්‍රතිකාර කරති. එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නීති උල්ලංඝනය කිරීමකි. රුපියල් 50,000 දඩයකට හා සිර දඬුවමකට යටත් කල හැකිය. මේ සම්බන්දයෙන් අප ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්ය එන්. ඡේ. නෝනිස් දැනුවත් කළෙමු. ඔහු විසින් ඉදිරි කාලයේ ගන්නා ක්‍රියා මාර්ගය ගැන තොරතුරු හෙළි කරමු. මාස් ආර් යුසුෆ් මහතාගේ ආචාර්ය උපාධිය වියාජ නොවන සත්‍ය එකක් නම් අපවෙත තොරතුරු එවිය හැකිය. එවිට අප එය පාඨකයන්ගේ අවධානය පිණිස පල කරමු.

Tell a Friend