කෙහෙළිය නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවාලු - පුහ්...

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකුට මරු කැඳවමින් ඉකුත් 8 වැනිදා මුල්ලේරියාවේ සිදු කෙරුණු වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ස්‌ථිර වශයෙන්ම අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවසු බව අද මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද පැහැදිලි ස්‌ථාවරයක සිටිමින් අදාළ අංශ වෙත අවශ්‍ය උපදෙස්‌ ලබා දී ඇතැයි ද ඇමැතිවරයා පැවසු බව අදාළ මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

නිතීය අකුරට ක්‍රියාත්මක කිරීමට යන මෙකී ඇමතිවරයාගේ ඉතිහාසයද ඝාතන ඉතිහාසයකි. වැඩි දුර යා යුත්තේ නැත. ඔහු මහින්ද රාජපක්ෂ රජතුමාගේ සපත්තු ලෙව කෑමට මුලික වූ හේතුව පමණක් දැන ගැනීම ප්‍රමාණවත්ය. ඊට හේතුව ඔහු ගම්පොලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙකු මහා මඟදී මරා දැමීමය. අදාළ මිනි මැරුම් චෝදනාව උසාවියේදී විභාග වෙමින් තමන්ට මහා උළු ගෙදර තපින්ට සිදු වන බව දැනගත් මෙකී ඇමති වරයා රාජපක්ෂ වෙත පැමිණ තම සහය පල කරන බව කිව්වේය. එදා මෙදා තුර රාජපක්ෂගේ කුණු සෝදන ගමන් තමන්ගේ පරම්පරාව පෝසත් කරගන්න ඔහුගේ එකී යුක්තියේ නාමයෙනි.

භාරත ලක්ෂමන් ඝාතනයට සදාරණය අකුරටම ඉෂ්ට කරනවා යැයි කොටළු කතා කියන්නේ ලංකාවේ අපි ගොන්නු යැයි සිතාගෙනය. කෙහෙළියගේ සදාරණය හීනෙන් අධෝ ප්‍රදේශයෙන් යන වාතයක් තරම්වත් වට්න්නේද. ඊට වටිනාකමක් දීමටනම් පළමුව ගම්පොලදී ප්‍රසිද්ධියේ දඬුකඳේ ගැසිය යුත්තේ කෙහෙළිය මිස වෙන කිසිවෙකු නොවේ.

Tell a Friend