හර්ෂි සි. පෙරේරා
බාරතගේ දේහයට දේශයේ ආඩම්බරකාර ජනාදිපති තාත්තාත් ඔහුගේ පුතා පාර්ලිමේන්තු මන්ත්රිත් ගවුරව කල බව වාර්තා විය.
ඊළගට මේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු දුමින්ද සිල්වාගේ සවුකය තත්වයයි. ඔහු ජයවර්දනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජිවිත ආරක්ෂක උපකරණ ආදරයෙන් සිටින බව වාර්තා වේ. ඔහුගේ පාතාල මැරයන් ජයවර්දන පුර රෝහලේ ආරක්ෂාව සියතට ගෙන ඇත. මෙවැනි සෝදිසියක් බෝම්බ ප්‍රහාරයට ලක්වූ හිටපු ජනාදිපතිනිය චන්ද්‍රිකා සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රෝහල් ගත වූ අවස්ථාවේදීත් සිදු වී නැති බව වාර්තා වේ.
බාරත පමණක් නොව ඔහුගේ ආරක්ෂකයින් තිදෙනෙක්ද මැරුම් කැහ. ශ්‍රී ලංකාවේ නිතිය නොමැති බව කීවද නීති පොත් කළු අකුරින් ලියවී හොදින් මුද්‍රණය කර තිබේ. අපරාද නඩු විදාන සංග්‍රහයට අනුව පොලිසිය වහාම මේ මිනීමැරුම් පිළිබද වාර්තාවක් මහේස්ත්රත්ට ඉදිරිපත් කල යුතුය. මිනීමැරීමට අණ දුන් දුමින්දව සහ ඔහුගේ මැරයින්ව අත්අඩංගුවට ගත යුතුය.
දුමින්දට මිට පෙර ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල විය. ඔහුට මෙරටට කුඩු ගෙන්වීම පිළිබද එල්ලවන බරපතල චෝදනා හේතුවෙන් ඔහුව හදුන්වනු ලබන්නේද කුඩු දුමින්ද කියාය.
මේ සිවු පුද්ගල ගාතනයට වගකිවයුතු දුමින්ද සිල්වාට සහ ඔහුගේ පාතාල සගයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට සිදුව ඇත්තේ කුමක්ද? ආරක්ෂක ලේකම් සහ ජනාදිපති සොයුරු ගොටාබය රාජපක්ෂ ඔහුව බැලීමට රෝහලට ගොස් තිබීම සහ රෝහලේ ආරක්ෂාව පාතාල මැරයින් අතට පත් වීමයි.
Post a Comment