හර්ෂි සි. පෙරේරා
අද ලෝක ළමා දිනයයි. තිස්ස කරලියද්ද ඇමතිවරයාගේ යෝජනාවක් හෙවත් ප්‍රෝඩාවක් වූ සිනහ කුදුලු පෙට්ටි පාසල් වල ස්ථාපිත කරන බවට ප්‍රසිද්ද ප්‍රකාශයක් කල දිනයයි.
හිතුමතේ සිසුන්ගේ පන්ති තහනම් කිරීම නිතිවිරෝදිය. මේ නීතිවිරෝදී ක්‍රියාව පාසල් වල සිදුවන බවට මෙය තවත් නිදසුනකි. පානදුරේ පදිංචි දේවිකා මල්කාන්ති වයස අවුරුදු 43 ක් වන දෙදරු මවකි. සුපුන් රමේෂ් වයස අවුරුදු 16 ක් වන ඇගේ පුතාය. ඔහු ක් ශාන්ත ජෝන් පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලබයි.
2011.09.12 වන දින දේවිකා මල්කාන්ති තම පුතුගේ පාසලට ගියේ පාසලෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුවය. ඇයට මාලිකා නමැති ගුරුවරිය කිවේ තවත් ළමුන් තිදෙනෙකු ඇගේ පුතා සමග එකතුව සංජු නමැති ළමයාගේ රුපියල් 50 ක් හොරකම් කල නිසා ඔවුන්ගේ පන්ති තහනම් කල බවයි. තවද ඇය, මල්කන්තිට සහ ඇගේ දරුවාට උපදෙස් ලැබුනේ 21 වන බදාදා උදේ 9.30 ට පාසලට එන ලෙසයි.
මල්කාන්ති සහ ඇගේ පුතා 21 පාසලට යන ලදී. සෙසු පන්ති තහනම් කල ළමයින්ගේ දෙමවුපියෝද පැමිණ සිටියහ. එවිට විදුහල්පති කිවේ, "ළමයින්ගේ අද ඉදන් පන්ති තහනම් කරලා තියෙන්නේ, කමිටුව තීරණය කරලා ඉවරයි. එක මට වෙනස් කරන්න බැහැ , ඇඩ්මිසන් අත්සන් කරන්න විතරයි ළමයින්ට එන්න පුළුවන්" යනුවෙනි.
මල්කාන්තිගේ පුතා සුපුන් රමේෂ් මෙවර අපොස සාපෙළ විබාගයට පෙනී සිටි. නමුත් දැන් ඔහුගේ අද්‍යාපනය අඩාල වී ඇත.
ඉතින් සිනහ කදුළු පෙට්ටිය.....

Post a Comment