හර්ෂි සි. පෙරේරා
සියලු ආකාරයේ අපයෝජනයන් ගෙන් ළමයින් ආරක්ෂා කැර ගැනීම සඳහා රජයේ පාසල් සම්බන්ධ කොට ගත් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ළමා ආරක්ෂක අධිකාරිය සූදානම් වෙයි.
ළමයින් මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අදහස් ඉතා රහස්‍ය ක්‍රමයකින් හඳුනා ගැනීම සඳහාිසිනහ කඳුළු පෙට්ටිය’ නමින් අලුත් ක්‍රමයක් ආරම්භ කැරේල මීට අමතරව ගුරුවරුන්ල මවුපියන් සහ ළමයින් සම්බන්ධ කැර ගන්නා ළමා ආරක්ෂක කමිටු දස දහසක් පාසල් මට්ටමින් පිහිටුවීමට ද නියමිතය.
මවුපියන් ගුරුවරුන් සහ ළමයින් සම්බන්ධ කැර ගන්නා මේ ආරක්ෂක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ ළමයින් ගේ ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්විය හැකි ක්‍රමවේදයක් බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා සඳහන් කරයි.
මේවා විහුලුය. ජනතාව මුලා කිරීමට යොදා ගන්නා උප්පරවැට්ටිය.
පාසැල තුල ශාරීරික වදහිංසා පැමිණවීම දිගටම සිදුවේ. මිට අමතරව ගුරුවරු ළමුන්ට අපහාස කරති. අවමන් කරති. ළමුන්ගේ පුවුද්ගලිකත්වයට ඇති අයිතිය තුට්ටුවකට මායිම් නොකරති. හිතුමතේ ළමුන්ගේ පන්ති තහනම් කරති. මේ වා වැළැක්වීමට රටේ නිතිය ප්‍රමාණවත්ය. නමුත් බලදාරීන් ඒවා හමස් පෙට්ටියට දමා අපචාර සිදු කරන ගුරුවරු රකිති.
අපි බලදාරීන්ට අවදාරණය කරමු. එනම් සියලු ආකාරයේ ශාරීරික දඩුවම් තහනම් කල 2005 අද්යාපන අමාත්‍යංශ චක්‍රලේකය අකුරට ක්‍රියාත්මක කරන ලෙසයි.
Post a Comment