යුක්රේනයේ හිටපු අගමැතිනියට වසර 7 ක සිර දඬුවම්

l කිෂානි වැලිවිටිගොඩ 

2009 දී රුසියාව සමග අත්සන් කරනු ලැබූ බලශක්ති ව්‍යාපෘතියේදී දුෂණ සිදු වූ බවට ඔප්පු වීමෙන් පසු යුක්රේනයේ හිටපු අගමැතිනිය වන යුලියා ටයි මෙන්ශේන්කෝ හට වසර 7 ක සිර දඬුවමක් නියම කරනු ලැබීය. 


අද දින ලබා දුන් අදාළ නඩු තීන්දුවත් සමගම යුක්රේනය සහ බටහිර රටවල් සමග පවතින සම්බන්දතාවලට බල පා හැකි බවට පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක් වූ රජයේ නීතින්‍යවරුන් අගමැතිවරිය නීති විරෝධී සහ බලහත්කාරයෙන් අදාළ ස්වභාවික වායු ව්‍යාපෘතිය සිදු කර ඇති බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් දේශපාලනික පලිගැනීමක් ලෙස ඇමෙරිකාව මෙන්ම යුරෝපා සංගමය ආදාළ නඩු තීන්දුව ගැන දක්වන අදහස වේ. මේ නිසා වත්මන් ජනාධිපති වික්ටර් යනුකොවිච් හට දේශපාලනික වශයෙන් ප්‍රභල අභියෝගයකට මුහුණ දීමට සිදු වනු ඇත. 

කෙසේ වෙතත් අදාළ නඩු තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු රොඩීයොන් කිරයෙව් කියා සිටියේ ආදාළ ව්‍යාපෘතිය හේතුවෙන් ඩොලර් මිලියන 188 ක් අහිමි වූ බවයි. ඒ අතර හිටපු අගමැතිවරිය අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් කියා සිටියේ එය විනිසුරුවරයාගේ නොව ජනාධිපතිවරයාගේ තීන්දුවක් බවයි. එසේම ඇයව හිරේ දැමු පමණින් තමන්ගේ ජීවිතය හෝ දේශපාලන අරගලය නතර නොවන බවයි. 

Tell a Friend