ඉන්දීය විදේශ ලේකම් දීවර ප්‍රශ්නය ඉස්මතු කරනු ඇත.


ඉන්දීය විදේශ ලේකම් රන්ජන් මතයි තෙදින සංචාරයක් සදහා සෙනසුරාදා දිවයිනට පැමිණෙන ලදී. ඔහු ඉන්දීය දිවරයින්ට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් එල්ලවන ප්‍රහාර මෙහිදී සාකච්චාවට ගනු ඇත. ඉරිදා උදැසනද ඉන්දීය දිවරයින් 15 දෙනෙකු පමණ ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රහාරයකින් තුවාල ලැබූ බව වාර්තා විය.

මිට අමතරව හෙතෙම ඉන්දීය සහයෙන් රට පූරා ක්‍රියාත්මක වන වියපෘති පිලිබදව මහින්ද රාජපක්ෂ ජනදිපතිවරයා සමග සාකච්චා කරනු ඇත.

මතයි විරුද්ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමල ජාතික සන්දානයේ නායකයින් හමුවීමට නියමිතය.

ඔහු සිය කොලබ සංචාරයට පෙර තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතා මුණගැසී ඇති අතර එහිදී ඇය ඉන්දීය දිවරයින්ට ලංකා නාවික හමුදාවෙන් එල්ලවන ප්‍රහාර ගැන දැඩිව කරුණු දක්වා ඇත. ඇය මෙම කරුණ ජාතික එකක් ලෙස සලකන ලෙසත් එය තමිල්නාඩුවේ හුදකලා ගැටලුවක් ලෙස නොසලකන ලෙසත් ඒ අවස්ථාවේදී අවදාරණය කර තිබේ.

ටයිම්ස් ඔෆ් ඉන්දීය ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend