අදූරදර්ශී මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ පළමු වෙඩි මුරය මෙවර කොළඹින් තබමු... එක්සත් ජාතික පක්ෂ

සිල්ලර ක්‍රමයෙන් රට වටේ කෙතරම් මැතිවරණ පැවැත්වූව ද කොළඹ කිසි දිනෙක දිනාගත නොහැකි වූ මහින්ද රාජපක්ෂ රජය කලක සිටම කොළඹ ජනතාවට දක්වන්නේ කුඩම්මාගේ සැලකිලි බවට අපි හොදින් දැක ඇත්තෙමු බව එක්සත් ජාතික පක්ෂ, එක්සත් රාජධානි ශාඛාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එක්සත් ජාතික පක්ෂ - එක්සත් රාජධානි ශාඛාව නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය..

කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර කොළඹ මහ නගරසභාවට තරඟ වදින ඒ.ෙජ්.එම්. මුසම්මිල් මහතාටත් සෙසු අපේක්ෂකයන්ට හා දිවයිනේ අනෙකුත් ආයතන සඳහා තරඟ කරන එ.ජා.ප අපේක්ෂකයින්ටත්, එක්සත් ජාතික පක්ෂ ලන්ඩන් ශාඛාව ලෙස අප අපගේ ආශිර්වාදය සහිත සුභ පැතුම් පුද කරමු.

විශේෂයෙන් කෘතහස්ත මහජන නියෝජිතයෙකුගේ නායකත්ව පෙළගැස්මක් කොළඹ නගරයටත්, එහි ජනතාවටත් අත්‍යාවශ්‍ය මොහොතක ඒ.ෙජ්.එම්. මුසම්මිල් මහතා පක්ෂය වෙනුවෙන් භාරදුන් වගකීම සම්භාරයක් උරමත දරා මෙම මැතිවරණ සටනට අවතීර්ණ වී සිටින බව අපගේ අදහසයි.

මුසම්මිල් මහතා යනු එ.ජා.ප යේ සිටි කෘතහස්තම දේශපාලන නායකයෙකු මෙන්ම රටට විවෘත ආර්ථීක සංකල්පයක් හඳුන්වා දුන් සහ රටේ අඳුරුතම යුගයක් නිමා කොට ස්වර්ණමය කැඳවූ හිටපු ජනාධිපති ෙජ්.ආර්. ජයවර්ධන ශ්‍රී මතානන්ගෙන් දේශපාලන අත් පොත් තැබූවෙකි. එමෙන්ම ඔහු එ.ජා.ප යේ සිටි සියලූ නායකයින් හා සමීපව සැමදා පක්ෂයට ධෛර්්‍ය සපයමින් පක්ෂයේ දියුණුව අපේක්ෂා කළ අයෙකි. මුසම්මිල් මහතා මෙවර කොළඹ නගරසභාවට නගරාධිපති අපේක්ෂක ලෙස පක්ෂයෙන් තරග වදින්නේ කොළඹ එ.ජා.ප ප්‍රාදේශිය දේශපාලනයටත්, එහි ජනතාවටත් නිවරැදි මහජන නියෝජිතයින්ගේ අවශ්‍යතාවය අත්‍යාවශ්‍ය මොහොතක බව අප පවසන්නේ හේතු සාධක සහිතවයි.

සිල්ලර ක්‍රමයෙන් රට වටේ කෙතරම් මැතිවරණ පැවැත්වූව ද කොළඹ කිසි දිනෙක දිනාගත නොහැකි වූ මහින්ද රාජපක්ෂ රජය කලක සිටම කොළඹ ජනතාවට දක්වන්නේ කුඩම්මාගේ සැලකිලි බවට අපි හොදින් දැක ඇත්තෙමු. නගරය පිරිසිදු කරන සහ අලංකෘත කරන මුවාවෙන් ජනතාව ඉතා අමානුෂික ලෙස සිය පාරම්පරික නිවාස වලින් ඉවත් කළ කෘෘර කි්‍රයා පිළිවෙත ද, ඒ තුලින් එකී ජනතාවගේ එදිනෙදා ජීවන චර්යාවන් ව්‍යාකූල කල ආකාරය දැක අප කම්පා වූ අවස්ථා බොහොමයි.

එහෙත් විශ්වාස කරන පරිද්දෙන් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සෙසු ජ්‍යෙෂ්ඨයින්ගේ ආශිර්වාදය සහිතව මෙවර කොළඹ නගරසභාව ඇතුළු සෙසු ආයතන එ.ජා.ප ය දිනාගනු අතර ඒ තුලින් ජනතාවට සිදු වූ සියළු කෙණෙහිලිකම් සහ අසාධාරණයන් පසුපසට හැරවීමටත්, සිදු වූ වැරදි නිවරැදි කිරීමටත් හැකියාව ලැඛෙනු ඇත.

1957 දි ෙජ්.ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ එදා සිටි එ.ජා.ප නායකයින් කොළඹ නගරසභාව දිනවා ඇති කල විප්ලවීය වෙනසත් ඒ තුලින් පාක්ෂිකයන්ට යලි ලබාදුන් දේශපාලන ජවයත් හේතුවෙන් සිව් වසරක් ඉක්ම යන්නට මත්තෙන් ශ්‍රී.ල.නි.ප ආණ්ඩුව පෙරලා එ.ජා.ප රජයක් පිහිටවූ ආකාරයටම මෙවරද කොළඹ ජයග්‍රහණය තුලින් පක්ෂයේ ගමන් මග වෙනස් කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

ජනතාව තලා පෙලා දූෂණයෙන් නාස්තියෙන් මහජන මුදල් කාබාසිනියා කරන, ඥාති සංග්‍රහය පෙරටු කොට රට උකසට තබන අදූරදර්ශී මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ පළමු වෙඩි මුරය මෙවර කොළඹ නගරසභාව දිනවා ඇති කරන බව ද එ.ජා.ප ලන්ඩන් ශාඛාව ලෙස අප විශ්වාස කරයි.

මුසම්මිල් මහතා ප්‍රමුඛ කොළඹ මහ නගරසභාවේ සෙසු අපේක්ෂකයින්ටත් අනෙකුත් ආයතන සඳහා තරඟ වදින පක්ෂයේ සෑම අපේක්ෂකයෙකුටත්, අප ප්‍රභාශිංසනය සහ ආශිර්වාදය පුද කරමු.


එක්සත් ජාතික පක්ෂ - එක්සත් රාජධානි ශාඛාව.


Tell a Friend