කුඩු දුමින්ද මන්ත්‍රීවරයාගේ පාතාල සාමාජිකයන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය අද පෙරවරුවේ ජයරත්න මල් ශාලාවට ගෙන ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට භාරතගේ ආධාරකරුවන් ‘හූ’ කියමින් විරෝධය පළ කරනු ලැබීය.
තම නායකයාගේ හදිසි අභාවයෙන් කම්පනයට පත්ව සිටි භාරත ලක්ෂ්මන් මහතාගේ ආධාරකරුවන්, ‘‘කුඩු කාරයන්ට සපෝට් කරන එවුන් අපට එපා’’ යැයි කියමින් ඝෝෂා කරනු ලැබීය. අනතුරුව එම පිරිස නාමල් මන්ත්‍රීවරයා වට කර ගැනීමට උත්සාහ කළ මොහොතේ ඔහුගේ ආරක්ෂාවට පැමිණ සිටි යුද හමුදා කමාන්ඩෝ භටයින් නාමල් මන්ත්‍රීවරයාව වහාම ආරක්ෂා සහිතව රැගෙන යනු ලැබීය.
එම ස්ථානයේ වූ නොසන්සුන්තාවය මත භාරත මහතාගේ දේහය එම මල්ශාලාවෙන් පිටතට රැුගෙන යනු ලැබුවේ පිටුපස දොරකිනි.
නාමල් රාජපක්ෂ තරුණ මහතා මීට කලකට ඉහතදී භාරත ලක්ෂ්මන් මහතාගේ දියණියක සමඟ පේ‍්‍රම සබඳතාවයක් පවත්වාගෙන යනු ලැබූ අතර, එය ජනාධිපති ආර්යාවට වාර්තා වීමත් සමඟ ඇය බලවත් සේ කෝපයට පත්ව භාරත ලක්ෂ්මන් මහතා ගෙන්වා මෙම සම්බන්ධය වහාම නවතා දමන ලෙස දියණියට දැනුම් දෙන ලෙසත්, එසේ නොවුනහොත් අනවශ්‍ය කරදර ඇති විය හැකි බවටත් අනතුරු හඟවා තිබේ.
වහාම දියණිය රටින් පිටමන් කරන ලෙස දැනුම් දී ඇති ආර්යාව නාමල් හා භාරතගේ දියණිය අතර තව දුරටත් සම්බන්ධතාවයක් තිබේදැයි සෝදිසියෙන් සිටින ලෙස මර්වින් සිල්වා අමාත්‍යවරයාටත්, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාටත් දැනුම් දී තිබේ.
මෙම පේ‍්‍රම සම්බන්ධතාවය හේතුවෙන් ජනාධිපතිවරයා හා භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා අතරද සිත් අමනාපකමක් ඇති වී ඇති අතර එම තත්ත්වය යටතේ භාරතට එරෙහිව දිගින් දිගටම කුඩු දුමින්ද මන්ත්‍රීවරයා උසුගන්වනු ලැබීය. මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් අපගේ වෙබ් අඩවියේ මීට පෙර පළ කර ඇත.
- Lanka News Web
Post a Comment